ග්‍රහ මණ්ඩලයේ හිතුවක්කාරයා දඩබ්බරයා ලෙස විරුධාවලිය ලත්, භූමියට කාරක කුජ ග්‍රහයා 2026.06.21 පෙ.ව. 12.01 ට තමාගේ සම රාශියක් වූ සිකුරුට අයත් වෘෂභ රාශියට ගෝචර වෙනවා. දින 43 ක් සිකුරුගේ නිවහන තුළ කුජ රැඳී සිටියා. මෙම කාලය තුළ කාම අපරාධ වැඩි විය හැක. මේ මොහොත තුළ තත්කාල ලග්නය වශයෙන් මීන ලග්නයත් කන්‍යා නවාංශකයත් උදාව පවතිනවා. එහිදී ලග්න ගතව ශනි ද තෙවැන්නේ කුජ ද සිව් වැන්නේ රවි, බුධ ද පස්වැන්නේ ගුරු සිකුරු ද හය වැන්නේ සඳු, කේතු ද දොළොස් වැන්නේ රාහු ද මෙසේ ගමන් ගෙන තිබුණා.
තත්කාල කේන්ද්‍රයේ 22 දෙර්කානාධිපති සිකුරුට අයත්ව ගමන් කිරීම මත කාන්තාවන්ට, දැරියන්ට අසුබතා ඇති වන පුවත් ඔබට අසන්නට ලැබිය හැකියි. ප්‍රසිද්ධ කලාකරුවන්ට යහපත් නොමැත. මේ මොහොත තුළ දෙවියන්ගේ දෙවි සුර ගුරු හෙවත් බ්‍රහස්පති ද බලවත් ගමනක යෑම හේතුවෙන් රට තුළ ආගමික ප්‍රබෝධයක් ඇති වීමට ඉඩ පවතිනවා. නමුත් කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ හය වැන්නේ ගෝචර වීම මත ආගමික නායකයන් වහන්සේලාට විරුද්ධව සතුරු කුමන්ත්‍රණ වර්ධනය වන කාලයක් ද වෙනවා. මීට අමතරව නැපැල්, විදුලි සංදේශ, පොදු ප්‍රවාහන, යන අංශවල ගැටලු ඇති වන බවක් ද පෙන්නුම් කරනවා. පතල් අනතුරක සේයාවක්ද ඉදිරි දින තුන හතර ඇතුළත ඇති වීමට ඉඩ තිබෙනවා.
කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ හත් වැන්නේ සඳු කේතු සංයෝගය මත ජාත්‍යන්තරයේ යම් යම් බාධක ප්‍රශ්න වලට පවා මුහුණ දීමට සිදු වන කාලයක් ද වෙනවා.
කුජ ගෝචර වන විට රවිට අයත් කැති නැකත තුළ ගමන් කිරීම මත යම් යම් ස්ථාන වල ගිනි විපත් ගැන අසන්නට ලැබෙන අතර කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ ලග්න ගතව කුමන්ත්‍රණකාරී රාහු ගෝචර වීම මත රහසිගත කුමන්ත්‍රණ එළි වන බවක් ද පෙනීයයි.
සඳු - කේතු සංයෝගය රට තුළ නොයෙක් නොයෙක් වෛරස් රෝග ව්‍යාප්ත වන ග්‍රහ සංයෝගයක් ද වෙනවා.
ඒ අනුව කුජගේ වෘෂභ රාශි ගත වීම ලග්න 12ට බලපාන ආකාරය කෙසේදැයි බලමු.
මේෂ ලග්නය
මේෂ ලග්න ඔබ කේන්ද්‍රයේ ලග්නාධිපති වෙමින් දෙවැනි භාවය තුළ කුජ ගෝචර වෙයි. ලැබීම් සහිතයි. භූමියෙන් සම්පත් ඔබට උරුම වන කාලයකි. තරමක් ආවේගශීලී ගති ඔබ තුළින් දැක ගත හැක. උදරගත අසනීප අක්ෂි ආබාධ ඇති වීමට ඉඩ පවතී.
වෘෂභ ලග්නය
වෘෂභ ලග්න ඔබ කේන්ද්‍රයේ 7 අධිපති වෙමින් ලග්න ගතව කුජ ගෝචර වෙයි. තරමක් ආවේගශීලි ගති ඔබ තුළින් දැක ගත හැක. අධ්‍යාපනයේ නියැලී සිටි දරුවන්ට තරග ජය ඇති කරයි. රැකියාවේ වෙනස් වීම් හෝ ගැටලු ඇති වීමට ඉඩ තිබේ.
මිථුන ලග්නය
මිථුන ලග්න ඔබ කේන්ද්‍රයේ 6 අධිපති වෙමින් දොළොස් වැනි භාවය තුළ කුජ ගෝචර වෙයි. ලැබීම් අතින් යහපත් වෙයි. තරමක් ආවේගශීලි ගති ඔබ තුළින් දැක ගත හැකිය.
කටක ලග්නය
කටක ලග්නයට යෝග කාරක ග්‍රහයා වෙමින් අයස්ථාන ගතව කුජ ගෝචර වෙයි. අධ්‍යාපනයේ නියැලී සිටි දරුවන්ට යහපත් වෙයි. ලැබීම් සහිතයි.
සිංහ ලග්නය.
සිංහ ලග්න ඔබ කේන්ද්‍රයේ 4 සහ 9 අධිපති වෙමින් කර්මස්ථාන ගතව කුජ ගෝචර වෙයි. රැකියාවේ උසස්වීම්, උසස් තනතුරු දැරීමට පවා ඔබට භාග්‍ය ඇත. සමහර විට රෝහල් ගතව ප්‍රතිකාර කිරීමට සිදු වන කාලයකි.
කන්‍යා ලග්නය
කන්‍යා ලග්න ඔබ කේන්ද්‍රයේ 8 අධිපති වෙමින් නව වැන්න තුළ කුජ ගෝචර වෙයි. සහෝදරයන් අතර ප්‍රසිද්ධිය ඔබට හිමි වන කාලයකි. රැකියාවේ දියුණුව උසස් වීම් හිමි විය හැක. ලැබීම් සහිතයි.
තුලා ලග්නය
තුලා ලග්න ඔබ කේන්ද්‍රයේ 2 අධිපති වෙමින් 8 වැන්න තුළ කුජ ගෝචර වෙයි. වියදම් අධික වන කාලයකි. මෙම දින 43 ක කාලය අනතුරු වලින් ප්‍රවේශම්වීම ඉතා වැදගත් වෙයි. අඹු සැමි ගැටලු ඇති කරයි.
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්න ඔබ කේන්ද්‍රයේ ලග්නාධිපති වෙමින් හත්වැන්න තුළ කුජ ගෝචර වෙයි. අඹු සැමි ආරවුල් ඇති කරයි. ලැබීම් සහිතයි. පුණ්‍ය කර්ම වලට හිත යොමු වන කාලයකි.
ධනු ලග්නය
ධනු ලග්න ඔබ කේන්ද්‍රයේ 5 සහ 12 අධිපති වෙමින් හය වැන්න තුළ කුජ ගෝචර වෙයි, උදර ගත අසනීප ඇති වීමට පුළුවන. ලග්නාධිපති දුබලව පැවතීම මත ඔබට රුධිර ගත අසනීප ඒ මට පුළුවන.
මකර ලග්නය
මකර ලග්න ඔබ කේන්ද්‍රයේ බාධක ග්‍රහයා වෙමින් විද්‍යා ස්ථාන ගතව කුජ ගෝචර වෙයි. අධ්‍යාපනයේ නියැලී සිටින දරුවන්ට බාධක ඇති කරයි. ඔබට මංගල යෝග උදා කරන බව පෙනේ. ලැබීම් සහිතයි.
මකර ලග්නය
මකර ලග්න ඔබ කේන්ද්‍රයේ බාධක ග්‍රහයා වෙමින් විද්‍යා ස්ථාන ගතව කුජ ගෝචර වෙයි. අධ්‍යාපනයේ නියැලී සිටින දරුවන්ට බාධක ඇති කරයි. ඔබට මංගල යෝග උදා කරන බව පෙනේ. ලැබීම් සහිතයි.
කුම්භ ලග්නය
කුම්භ ලග්න ඔබ කේන්ද්‍රයේ 10 අධිපති වෙමින් හතර වැන්න තුළ කුජ ගෝචර වෙයි. භූමියෙන් යම් යම් දෑ ලැබීමට පවා ඇති වන කාලයකි. පපුව පෙණහලු ආශ්‍රිත ගැටලු ඇති කරයි.
මීන ලග්නය
මීන ලග්න ඔබ කේන්ද්‍රයේ 2 අධිපති වෙමින් තෙවැනි භාවය තුළ කුජ ගෝචර වෙයි. සහෝදරයන් අතර මූලිකත්වය ඔබට හිමි වන කාලයකි. දහමට නැඹුරු වන කාලයක් ද වෙයි.
දිවයින පුවත්පත ඇසුරෙන්..