බොලිවුඩයේ සුපිරි තරු යුවළක් වන අජේ දේව්ගන් සහ කාජල්ගේ දියණිය වන නයිසා දේව්ගන් මෑතකදී සහභාගී වූ උත්සව කිහිපයකදීම ඇගේ පෙනුමේ කැපී පෙනෙන වෙනසක් දැකගන්නට ලැබුණා. ඒ නිසා බොහෝ දෙනාගේ අවධානය ඇය වෙත යොමු වී තිබෙනවා.
පැරණි ඡායාරූප සමඟ සසඳන විට ඇගේ සමේ පැහැය සහ මුහුණේ හැඩය විශාල ලෙස වෙනස් වී ඇති බව දුටු බොහෝ පිරිස් ඇය ප්ලාස්ටික් සැත්කම් (Plastic Surgery) හෝ සම සුදු කිරීමේ ප්‍රතිකාර ලබාගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන එල්ල කරන්නට වුණා.
කෙසේ වෙතත්, මෙම කටකතා සහ චෝදනා කාජල් විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර, ඇය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ තම දියණිය කිසිදු සැත්කමකට භාජනය වී නොමැති බවයි. නයිසාගේ මෙම සුන්දරත්වයේ රහස ඇගේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව බව කාජල් පවසනවා
"නයිසා කියන්නේ ඇගේ පියා (අජේ දේව්ගන්) වගේම ශාරීරික යෝග්‍යතාවය (Fitness) ගැන ගොඩක් හිතන කෙනෙක්. ඇය සතියකට තුන් පාරක් විතර ස්වාභාවික ෆේස් පැක් (Face packs) සහ රූපලාවන්‍ය සත්කාර (Beauty hacks) පාවිච්චි කරනවා." යනුවෙන් කාජල් සඳහන් කර තිබෙනවා.
තවද, නයිසා නිරෝගී ආහාර වේලක් ලබාගන්නා බවත්, නිසි පරිදි ව්‍යායාම කිරීම සහ ජලය පානය කිරීම වැනි ස්වාභාවික පුරුදු නිසා ඇගේ පෙනුම මෙලෙස ධනාත්මකව වෙනස් වී ඇති බවත් කාජල් වැඩිදුරටත් පවසා තිබෙනවා.
සිනමා ක්ෂේත්‍රයට පිවිසීමට පෙරම නයිසා දේව්ගන් ඇගේ මෙම ආකර්ෂණීය පෙනුම නිසා මේ වන විටත් විශාල රසික අවධානයක් දිනා ගැනීමට සමත්ව සිටින බවයි බොහෝ දෙනා නම් කියන්නේ.