ඔන්න ඉතින් අදත් (22) සුපුරුදු පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අපිට අලුත්ම අප්ඩේට් එකක් දීලා තියෙනවා. හැඩ බලලා, ලස්සනට ඇඳලා එළියට බහින්න හදන ඔයාලට මේක නම් ටිකක් සීතල ආරංචියක් වේවි!
ගොඩක් අය වැඩට, ක්ලාස් යන්න ලෑස්ති වෙන බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට අද දවස පුරාම විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්ලු. ඒ විතරක් නෙවෙයි, ට්‍රිප් යන අයගේ ප්‍රියතම ගමනාන්ත වෙන ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය පැතිවලටත් අද වැස්සෙන් බේරෙන්න අමාරුයි කියලයි ආරංචිය.
අද දවසේ ඔය පැතිවල ඉන්නවා නම් කොණ්ඩේ ලස්සනට හදන්, මේකප් දාලා එළියට බැස්සට වැඩක් වෙන එකක් නැහැ, මොකද වැස්සයි හුළඟයි ඔක්කොම අවුල් කරලා දාවි!
හරි අපූරුයි, ඌව සහ නැගෙනහිර පළාත්වල ඉන්න අයට නම් උදේ වරුව ශේප් එකේ ගෙවාගන්න පුළුවන්. හැබැයි ඉතින් හවස් වෙද්දී (පස්වරු 2.00 න් පස්සේ) එහේ ස්ථාන ස්වල්පයකටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි කඩාවැටීමේ ලොකු හැකියාවක් තියෙනවා කියලා කාලගුණයෙන් කියනවා.
වැස්ස විතරක් නෙවෙයි, අද හුළඟත් සෙල්ලම් දාන්නයි ලෑස්තිය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ
උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
මෙන්න මේ කියන පැතිවලට පැයට කිලෝමීටර් (30-40) ක විතර තරමක තද සුළං විටින් විට හමන්න පුළුවන්. ඒ නිසා පාරේ තොටේ යද්දී, ගස් යට වාහන නවත්වද්දී පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න එක හැමෝටම හොඳයි.