ඒ, අසරණ වැඩිහිටි මව්පියන්ගේ දීමනා ගෙවීම සඳහා සුරක්ෂිතව තබා තිබූ විශාල මුදලක් මොරගහහේන උප තැපැල් කාර්යාලය බිඳ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි.
පසුගිය 19 වැනිදා රාත්‍රි කාලයේදී කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින් මෙම මොරගහහේන උප තැපැල් කාර්යාලය බිඳ දමා ඇතුළු වී ඇති බවයි දැනට අනාවරණය වී ඇත්තේ.
එහිදී ඔවුන් කාර්යාලය තුළ තිබූ රුපියල් 474,000ක මුදලක් ක්ෂණිකව සොරාගෙන පළා ගොස් තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ උප තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා විසින් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ, මෙම මුදල් ප්‍රදේශයේ අසරණ වැඩිහිටියන් වෙනුවෙන් ලබාදෙන "වැඩිහිටි දීමනා" ගෙවීම සඳහාම විශේෂයෙන් රැගෙන විත් තිබූ මුදල් බවයි. තමන්ගේ බේත් හේත් ටිකට, කුසගින්න නිවාගන්න මාසෙ අන්තිමට ලැබෙන රුපියල් කීයකට හෝ කෙලවන්න තරම් මේ හොරුන් තිරිසන් වී තිබීම ඇත්තෙන්ම කනගාටුවට කරුණක්.
කෙසේ වෙතත්, අසරණ වැඩිහිටියන්ගේ සල්ලි පොට්ටනිය පිටින්ම උස්සාගෙන පැන ගිය මේ "කළු කෝට්" කාරයින් කවුදැයි සෙවීම සඳහා මොරගහහේන පොලිසිය මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.