තමන්ගේ ජීවිතේ හෙවනැල්ල වගේ ඉඳලා සෙවණ දුන්න, අත්හැරලා නොගිය ආදරණීය පියවරුන් වෙනුවෙන් හැමෝම ආදරය පල කරන මේ වටිනා දවසේ, කලා ලෝකයේ කොයි කවුරුත් ආදරය කරන මාධවී ඇන්තනි සිය මුහුණුපොතට ඉතාමත් සංවේදී සටහනක් එකතු කරලා තිබෙනවා.
ඒ වෙන කවුරුත් ගැන නෙවෙයි... දශක ගණනාවක් පුරා තමන්ගේ රංගන ප්‍රතිභාවෙන් ලාංකීය කලා ලෝකය මෙන්ම ප්‍රේක්ෂක හදවත් ද ආලෝකවත් කළ, ඇයගේ ආදරණීය අප්පච්චි, ජැක්සන් ඇන්තනි කලාකරුවාණන් ගැනයි.
ජැක්සන් ඇන්තනි මේ වෙනකොට ජීවතුන් අතර නැති වුණත්, ඔහු තමන්ගේ දරුවන්ගේ හිත් ඇතුළේ ජීවත් වෙන අයුරු පසක් කරමින් මාධවී තැබූ මේ කෙටි සටහන දුටු බොහෝ දෙනෙකුගේ නෙත්වලට කඳුළු උනන්නට වුණා.
ඇය තැබූ සටහන :
"පියවරුන්ගේ දිනය වෙනුවෙන් යළිත් අලුත් වුනු අප්පච්චි සුවඳ"
ඇය මේ සංවේදී සටහන තබලා තිබුණේ නිකන්ම නෙවෙයි. තමන්ගේ ආදරණීය අප්පච්චි එක්ක අතීතයේ ගත්, ආදරය සහ ලෙන්ගතුකම පිරුණු ඉතාමත් සුන්දර ඡායාරූප කිහිපයක්ද මුහුණුපොතට එකතු කරමිනුයි.
අප්පච්චි කෙනෙක්ගේ ආදරය කියන්නේ මුළු ලෝකයක් ලැබුණත් හිලව් කරන්න බැරි තරම් වටිනා දෙයක්. දියණියකගේ ජීවිතේ වීරයා හැමදාමත් ඇයගේ අප්පච්චිම තමයි.
මාධවී තැබූ ඒ ආදරණීය ඡායාරූප පෙළ බලන්නත් පහළට යන්න.
