පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් හැමෝගෙම සිත් දිනාගත් මේ සුන්දර යුවළ ගැන අද දවසේ කතා කරන්න හරිම අපූරු වගේම විශේෂ හේතුවක් තියෙනවා.
ඒ, සුජානිගේ ආදරණීය සැමියා වන බිමල් ජයකොඩිගේ උපන්දිනය අදට යෙදී තිබීමයි.
තමන්ගේ ජීවිතයේ සෙවණැල්ල වන් වූ, ජීවිතයට හැමදාමත් ශක්තියක් වුණු ආදරණීය සැමියාගේ උපන්දිනය වෙනුවෙන් සුජානි ඇගේ මුහුණු පොතට හරිම අපූරු, ආදරණීය පින්තූර එකතුවක් එකතු කරන්න අමතක කරලා තිබුණේ නැහැ. ඒ පින්තූර පෙළත් එක්කම, කියවන ඕනෑම කෙනෙක්ගේ හිත් උණු කරන, හරිම ආදරණීය සටහනක්ද ඇය මෙන්න මේ විදියට එකතු කරලා තිබුණා...
ඔයා තමයි මගේ සුරක්ෂිත ආදරය, ඔයා තමයි මගේ මුදු මොළොක් ආදරය, ඔයා තමයි මගේ මිහිරි ආදරය, ඔයා තමයි මගේ සැබෑ ආදරය, මම දන්නා ලස්සනම සහ මිහිරිම හැඟීම ඔයායි, මගේ ජීවිතයේ මම වඩාත්ම ආස කරන්නේ ඔයා එක්ක ගත කරන කාලයටයි, සුභ උපන්දිනයක් මගේ කුකු..මම ඔයාට එන්න එන්නම තවත් ගොඩාක් ආදරෙයි...
ඔයාගේ 'කුකු' ට අපෙන්ද සුභම සුභ උපන්දිනයක්"
ඔයාලත් බලන්නකෝ බිමල්ගේ උපන්දිනය වෙනුවෙන් සුජානි මුහුණු පොතට එකතු කළ ඒ සුන්දර පින්තූර ටික කොහොමද කියලා...
