හැබැයි මේක නම් අපේ සාක්කුවට ටිකක් තදින් දැනෙන නිවුස් එකක්. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන විදිහට මේ 2026 අවුරුද්ද ඇතුළත අපේ ශ්‍රී ලංකා රුපියල, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 7කින්ම පල්ලෙහාට වැටිලා තියෙනවා!
මහ බැංකුවේ දත්තවලට අනුව පසුගිය සිකුරාදා (12) ගනුදෙනු අවසන් වෙද්දී ඩොලරයේ ගණන් හිලව් සටහන් වෙලා තිබුණේ මෙන්න මේ විදිහටයි:
ඩොලරයක ගැනුම් මිල- රුපියල් 331.42
ඩොලරයක විකුණුම් මිල- රුපියල් 341.36
ඒ කියන්නේ දැන් ඩොලරයක් ගන්න නම් රුපියල් 341කට වඩා වියදම් කරන්න සිද්ධ වෙලා.
ගොඩක් අයට එන ප්‍රශ්නේ තමයි මේ වෙනකම් අල්ලගෙන හිටපු රුපියලට එකපාරටම මොකද වුණේ කියන එක. මහ බැංකුව කියන විදිහට මේකට ප්‍රධානම හේතුව අපේ රට ඇතුළේ ප්‍රශ්නයක් නෙවෙයි.
මේකට බලපාලා තියෙන්නේ මැදපෙරදිග කලාපයේ ඇතිවෙලා තියෙන දරුණු යුදමය හා ගැටුම්කාරී තත්ත්වයයි. 2026 පෙබරවාරි අග භාගයේ ඉඳන් මැදපෙරදිග පැත්තේ යන මේ අවුල් සහගත තත්ත්වය නිසා ජාත්‍යන්තර වෙළඳපොළේ ලොකු අර්බුදයක් හැදිලා තියෙනවා. අන්න ඒ බාහිර බලපෑමේ රස්නෙ තමයි අපේ රටේ ආර්ථිකයටත් වැදිලා අපේ රුපියල මේ විදිහට බාල්දු වෙන්න හේතු වෙලා තියෙන්නේ.
ඩොලරය මේ විදිහට ඉහළ යනවා කියන්නේ පිටරටින් ගේන බඩු මිල, වාහන පාට්ස්, ඉලෙක්ට්‍රොනික් බඩු වගේ දේවල්වල ගණන් ඉස්සරහට ටිකක් වැඩිවෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒ නිසා පිටරටින් බඩු ගේන්න හරි, ඔන්ලයින් ඕඩර් කරන්න හරි ඉන්නවා නම් මේ දවස්වල ඩොලරයේ රේට් එක ගැන නිතරම ඇහැ ගහගෙන ඉන්න එක තමයි ඇඟට ගුණ!