ඔන්න ඒ වගේ මුළු මහත් සමාජ මාධ්‍යම දැඩි ලෙස කෝපයට පත් කරපු අතිශය භයානක සහ නින්දිත සිදුවීමක දසුන් පෙළක් මේ වන විට ෆේස්බුක් පුරා ලැව්ගින්නක් සේ සංසරණය වෙමින් පවතිනවා.
රාත්‍රී කාලයේදී මාර්ගයේ ගමන් ගත් මගියෙකු විසින් කැමරාවක සටහන් කරගත් මේ දසුන ඇත්තටම ඇඟ කිලිපොලා යන සුළුයි.
මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක් යටින් එකපාරටම මහා ගිනි පුපුරු සහ ගින්දරක් මතුවන අයුරු පසුපසින් ආ පිරිස දැක තිබෙනවා. මුලින්ම ඔවුන් හිතලා තියෙන්නේ තාක්ෂණික දෝෂයක් නිසා බස් රථය ගිනිගන්නවා කියලා. හැබැයි ඊටපස්සේ තමයි ඔවුන් මේ නපුරු ඇත්ත දැකලා තියෙන්නේ...
මේ රියදුරා තවත් යතුරුපැදියක් බස් රථයේ ඉදිරිපස යට කරගෙන, එය පාරේ දිගේ ඇදගෙන, කිසිම දෙයක් නොවුණු ගාණට නොනවත්වාම ඉස්සරහට ධාවනය කරමින් ඉඳලා තියෙනවා. බයික් එක පාරේ ඇතිල්ලෙද්දී මතු වුණු ඒ මහා ගිනි පුපුරු තමයි බස් එක යටින් ගින්දරක් වගේ පෙනිලා තියෙන්නේ.
අනතුරක් වෙලත් බස් රථය නොනවත්වා ධාවනය කරපු මේ රියදුරාගේ හැසිරීම දැකලා පසුපසින් ලුහුබැඳ ආ පිරිස් බස් රථය හරස් කරලා නවත්වන්න කටයුතු කර තිබෙනවා. බස් රථය නැවැත්වූ පසුවත් යතුරුපැදිය බස් රථයේ ඉදිරිපස රෝද අතර සිරවී තිබෙන අයුරු දකින්න ලැබෙනවා.