ඒ වෙන මුකුත් නෙවෙයි, රජය විසින් හෙක්ටයාරයකට ලබා දෙන පොහොර සහනාධාර මුදල රුපියල් 30,000 දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබීමයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවැත්වුණු විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා විසින් මේ සුවිශේෂී ප්‍රකාශය සිදු කර තිබෙනවා.
කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙන්නේ මීට කලින් තිබුණු සහනාධාර මුදල මෙවර රුපියල් 5,000කින් වැඩි කර ඇති බවයි. මේ අනුව ලංකාව පුරා ඉන්න ගොවි ජනතාව 502,836 දෙනෙකුට මෙවර මේ පොහොර සහනාධාරයේ වාසිය සෘජුවම හිමිවීමට නියමිතයි.
ගොයම් වගාවත් එක්ක පොහොර මිල දරාගන්න බැරුව අමාරුවෙන් හිටපු ගොවීන්ට මේක ලොකු හුස්මක් ගන්න ලැබුණු අවස්ථාවක් කියලා තමයි ක්ෂේත්‍රයේ අය පවසන්නේ.
"මේ දැවැන්ත සහන වැඩපිළිවෙළ වෙනුවෙන් රජය විසින් රුපියල් මිලියන 10,947ක දැවැන්ත මුදලක් වෙන් කරලා තියෙනවා. විශේෂම දේ තමයි, මේ මුදල් කොටස් වශයෙන් නෙවෙයි, එකවරම අදාළ ගොවීන්ගේ බැංකු ගිණුම්වලටම බැර කිරීමටයි කටයුතු සූදානම් කරලා තියෙන්නේ..."
කියලා ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළා. දේශපාලන පොරොන්දු මැද මෙවර කෙළින්ම ගොවියාගේ අතටම සල්ලි ලැබෙන මේ ක්‍රමය ගැන ගොවි සංවිධාන පවා ප්‍රසාදය පළ කරලා තියෙනවා.
පොහොර ප්‍රශ්නය නිසා බැටකාපු ගොවි ජනතාවට ලැබුණු මේ රුපියල් 30,000 සහනාධාරය ගැන ඔයාලට මොකද හිතෙන්නේ