හැබැයි මෙන්න සරසවි සිසුන් ඔක්කොටම සතුටු වෙන්න පුළුවන් සුපිරිම ආරංචියක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනය කරලා තියෙනවා!
දිවයින පුරාම තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන් 16,000කට සුපිරි නේවාසික පහසුකම් දෙන්න දැවැන්ත ව්‍යාපෘති 55ක් අදියර 3ක් යටතේ පටන් ගන්නයි යන්නේ.
මේ යටතේ නේවාසිකාගාර වර්ග දෙකක් හැදෙනවලු.
Model A වර්ගය- සිසුන් 400කට ඉන්න පුළුවන් සුපිරි හොස්ටල්.
Model B වර්ගය- සිසුන් 200කට ඉන්න පුළුවන් හොස්ටල්.
මෙන්න මේ කැම්පස් ටිකට තමයි වැඩිපුරම වාසි ලැබෙන්නේ. දැනටමත් වැඩ කටයුතු සෑහෙන දුරකට කෙරිලාලු තියෙන්නේ.
සබරගමුව සහ රජරට විශ්වවිද්‍යාල- මේ දෙකටම ව්‍යාපෘති 7 බැගින් ලැබෙනවා (සිසුන් 2,200 බැගින්).
මැයි මාසේ ටෙන්ඩර් මිලගණන් කැඳවීම් සහ විවෘත කිරීම් සාර්ථකව නිම කරලා තියෙන්නේ.
අග්නිදිග විශ්වවිද්‍යාලය- ව්‍යාපෘති 6ක් (සිසුන් 2,000කට). ටෙන්ඩර් වැඩ කටයුතු මැයි 21 වෙනිදා ඉඳන් වේගයෙන් ඉදිරියට යනවා.
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය- ව්‍යාපෘති 6ක් (සිසුන් 1,800කට). ඉදිකිරීම් සමාගම් එක්ක මූලික සාකච්ඡා (Pre-bid) පවත්වලා මැයි 22 වෙනිදා මිල ගණන් කැඳවලා ඉවරයි.
නැගෙනහිර විශ්වවිද්‍යාලය- ව්‍යාපෘති 5ක් (සිසුන් 1,600කට). අප්‍රේල් 30 වෙනිදා බිඩ්ස් විවෘත කරලා, දැන් සුදුසුම ආයතනය තෝරන ඇගයීම් කරනවලු.
මේ ව්‍යාපෘතියේ විශේෂම සහ වේගවත්ම වැඩේ වෙලා තියෙන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ. සිසුන් 800ක් වෙනුවෙන් ලැබුණු ව්‍යාපෘති 4න්, එක නේවාසිකාගාරයක වැඩබිමේ භූමිය සකස් කිරීමේ කටයුතු 75%ක්ම මේ වෙනකොටත් නිම කරලා තියෙනවා. රුහුණේ කට්ටිය නම් වැඩේට බැහැලම ඉන්නේ!
ජයවර්ධනපුර, වයඹ සහ වවුනියාව මේ හැම කැම්පස් එකකටම ව්‍යාපෘති 4 බැගින් (සිසුන් 1,200 බැගින්) හිමිවෙනවා. මේ දවස්වල ටෙන්ඩර් ලේඛන හදන, නීතිමය ලියකියවිලි සහ තාක්ෂණික ඇගයීම් වාර්තා සකස් කිරීමේ කටයුතු ලෙෆ්ට් නොවී සිද්ධ වෙනවා කියලා ආරංචියි.
යාපනය විශ්වවිද්‍යාලය- සිසුන් 600කට ව්‍යාපෘති 2ක්. යෝජනා ඇගැයීමේ කටයුතු කැම්පස් එකෙන්ම ලෑස්ති කරගෙන යනවා.
කැම්පස් ලයිෆ් එක බෝඩිං අස්සේ කට්ට කකා ගෙවපු කාලේ ඉවර කරලා, නේවාසිකාගාර ඇතුළේ සුපිරියටම ගෙවන්න සරසවි සිසුන්ට ඉක්මනටම වාසනාව ලැබෙයි එහෙනම්..