දිනන්න විතරක්ම හිතලා මිනිස්සු මිලදී ගන්න, ඊටපස්සේ දිනුම් ඇදුණේ නැහැ කියලා විසි කරලා දාන ලොතරැයි පත්වලින් මුළු රටම මවිත කරවන විදියේ හාස්කමක් කරන්න ලංකාවේ එක සුවිශේෂී තරුණයෙක් සමත් වෙලා තියෙනවා.
ඔහු නමින් ඉමල් හංසක. පදිංචිය අංගොඩ, මාරවිල ප්‍රදේශයේ.
ඉමල් තමන්ගේ අත්දැකීම් සහ අපිරිමිත ඉවසීම උපයෝගී කරගෙන, හිස් ලොතරැයි පත් 162,520ක් එකින් එක එකතු කරලා සැබෑ දළදා මන්දිරයේ හැඩයටම, ඒ වගේම වටේටම කැරකෙන සුන්දර "දළදා මන්දිර ආකෘතියක්" නිර්මාණය කරලා තියෙනවා. මේ නිර්මාණය දෙස බලා සිටින ඕනෑම කෙනෙකුගේ නෙතට කඳුළක් උනන්නේ එහි ඇති සියුම් නිමාව සහ නිර්මාණශීලීත්වය නිසාවෙන්මයි.
මේ වගේ දැවැන්ත, ඒ වගේම අතිශය සංකීර්ණ නිර්මාණයක් කරන්න ලෙහෙසි පහසු නැහැ. ඉමල්ට මේ විස්මිත කැරකෙන දළදා මන්දිරය හදලා ඉවර කරන්න සම්පූර්ණ මාස 10ක කාලයක් ගතවෙලා තියෙනවා.