303 Views
මෙම කොන්ත්‍රාත් ලැයිස්තුවේ තියෙන විශේෂත්වම සහ හැමෝම හොයන කතාව තමයි ක්‍රීඩකයින්ට ලැබෙන වැටුප් ප්‍රමාණයන්. ආරංචි මාර්ග අනුව, ඉහළම කාණ්ඩයට ඇතුළත් වන සුපිරි ක්‍රීඩකයෙකුට වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් 130,000ක දැවැන්ත මුදලක් හිමිවනවා.
එය ලංකාවේ මුදලින් බැලුවොත් රුපියල් කෝටි 4කට ආසන්න මහා ධනස්කන්ධයක්!
එසේම, මෙවර අවම කාණ්ඩය යටතේ කොන්ත්‍රාත් හිමිවන ක්‍රීඩකයෙකුට වුවද වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් 10,000ක්, එනම් ලංකා මුදලින් රුපියල් ලක්ෂ 35කට ආසන්න මුදලක් වාර්ෂිකව හිමිවීමට නියමිතයි.
මේ අතර ක්‍රිකට් ක්ෂේත්‍රයේ කාගේත් දැඩි අවධානයක් දිනාගත් තවත් විශේෂ සිදුවීමක් මේ කොන්ත්‍රාත්තු ලබාදීම පිටුපස තියෙනවා.
ඒ තමයි, මීට පෙර ජාතික කොන්ත්‍රාත්වලින් තමන්ව නිදහස් කරන ලෙස ක්‍රිකට් ආයතනයෙන් ලිඛිතව ඉල්ලා සිටි බවට වාර්තා වූ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරද මෙවර කොන්ත්‍රාත් හිමිවූ ක්‍රීඩකයින් 46 දෙනා අතරට ඇතුළත්ව සිටීමයි.
කොහොම වුණත් මේ අලුත් කොන්ත්‍රාත්තුත් එක්ක අපේ ක්‍රිකට් තරු ඉදිරියේදී ලංකාව වෙනුවෙන් පිටිය ඇතුළේ සුපිරිම සෙල්ලමක් දමනු ඇතැයි කියා රසිකයෝ බලාපොරොත්තු වෙනවා.