එයාගේ සින්දුවක් නැති ප්‍රසංගයක් අද ලංකාවේ නැති තරම්නේ.
නිරන්තරයෙන්ම රට වටේම ෂෝස් (Shows) වලට යමින් මහා කාර්යබහුල ජීවිතයක් ගත කරන සඳුන්, ඔන්න ඒ හැමදේකින්ම ටිකකට ඈත් වෙලා, ලස්සන පරිසරයකට වෙලා පුංචි නිවාඩුවක් ගත කරනවා. හැබැයි ඒ සුන්දර මොහොත අස්සෙත් එයාට පණ වගේ ආදරේ කරන ප්‍රේක්ෂකයින්ව අමතක කරලා නැහැ.
සඳුන් තමන්ගේ නිවාඩුව ගත කරන ගමන් මුහුණු පොතට එකතු කරලා තිබුණු අපූරු සටහන මෙන්න.
"එක දිගට මහන්සි වෙලා හොඳ නිවාඩුවක් ලැබුණම,
ජීවිතේ කාර්යබහුල කළ ඔයාලට ස්තූතිවන්ත වෙන්න හිතුනා!
අලුත් ගීතයක් තෑගි කරනවා ළඟදීම....!!!
අප්‍රේල්, මැයි ගම් දනව් 70කදි විතර ඔයාලා හමුවෙලා ගී ගයලා සතුටු කරලා එහෙනම් දැන් යමු අපි ජුනි මාසෙට."
හිතාගන්නත් පුළුවන්ද? පසුගිය අප්‍රේල් සහ මැයි මාස දෙක ඇතුළත විතරක් ලංකාවේ ගම් දනව් 70කට වඩා වැඩි ප්‍රමාණයකට ගිහින් රසිකයින්ව සතුටු කරන්න සඳුන් මහන්සි වෙලා තියෙනවා. ඉතින් ඒ මහා මහන්සිය නිවාගන්න සොබාදහමේ සිසිලස මැදට වෙලා ගන්න මේ පුංචි විවේකය එයාට උපරිමයෙන්ම වටිනවා.
සඳුන් මේ සටහනත් එක්කම පරිසරයේ සුන්දරත්වය විඳින, හිත නිවෙන තරම් ලස්සන පින්තූර කිහිපයකුත් රසිකයින් වෙනුවෙන් බෙදාගෙන තිබුණා.
රසිකයින්ට ස්තූති කරන ගමන්ම ළඟදීම "අලුත් සින්දුවක්" ගේනවා කියන සුපිරි ආරංචියත් සඳුන් දීලා තියෙන නිසා දැන් රසිකයෝ ඉන්නේ මහා ලොකු බලාපොරොත්තුවකින්. ඔයාලත් බලන්නකෝ සඳුන් පෙරේරා ගත කරන මේ සුන්දර නිවාඩුවේ පින්තූර එකතුව කොහොමද කියලා...
