පසුගිය දවසක ඔහුගේ උපන්දිනය යෙදිලා තිබුණා.
ඉතින් මේ සුවිශේෂී දවසේදී ඔහුගේ ආදරණීය පවුලේ සියලුම දෙනා එකට එකතු වෙලා ඩග්ලස් රණසිංහයන් වෙනුවෙන් හරිම අපූර්ව වගේම ආදරණීය උපන්දින සැමරුමක් ලෑස්ති කරලා තිබුණා.
මේ සුන්දර මොහොත ගැන තිලකා රණසිංහ මහත්මිය ඇගේ මුහුණු පොතට ආදරණීය සටහනක් එකතු කරලා තිබුණේ මෙන්න මෙහෙමයි..
"ඩග්ලස් අයියගෙ උපන්දිනය අපි සතුටින් සැමරු අයුරු..."
කාලෙකට පස්සේ පවුලේ හැමෝම එකම තැනකට එකතු වෙලා, තමන් වෙනුවෙන් මෙන්න මේ වගේ ආදරණීය උපන්දින සැමරුමක් සංවිධානය කිරීම ගැන ඩග්ලස් රණසිංහ මහත්මයා ඉන්නේ පුදුමාකාර සතුටකින් සහ නිහතමානී ආඩම්බරයකින් කියලා තමයි ආරංචි වෙන්නේ. පවුලේ අය සමඟ සිනහවෙන් සතුටින් ගත කරපු ඒ අපූර්ව මතකයන් පෙළ සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමත් සමඟම, කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් වගේම ඔහුගේ ආදරණීය රසිකයන්ද මේ ප්‍රවීණ කලාකරුවාට සුබ පතන්න අමතක කරලා තිබුණේ නැහැ.
ක්ෂේත්‍රයට පැමිණි දවසේ ඉඳන් අද වෙනකන් තමන්ගේ පෙනුමෙන් වගේම ගතිගුණවලිනුත් එකසේ දැබරුව රැකගත් ඩග්ලස් රණසිංහයන්ට, තවත් දිගු කලක් නිදුක් නීරෝගීව ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා!