විවිධ කටකතා, විවේචන සහ බාධක මධ්‍යයේ වුවත් නොසැලී, ආදරයෙන්ම ඒ හැමදේටම පිළිතුරු දුන් ඔවුන් දෙදෙනා යුගදිවියට එළඹිලා හරියටම වසර දෙකක් සපිරෙනවා.
පුංචි පුතෙකුගේ සුරතල් මැද ගෙවෙන ඔවුන්ගේ මේ සුන්දර කැදැල්ලේ දෙවැනි විවාහ සංවත්සරය වෙනුවෙන්, මාධවීගේ ආදරණීය බාප්පා වන ප්‍රවීණ කලාකරු සුදත් ඇන්තනි මුහුණුපොතට එකතු කළ සටහනක් මේ වන විට කාගේත් අවධානයට ලක්ව තිබෙනවා.
කසුන් මහේන්ද්‍රගේම කවියක ආභාෂය ලබමින්, හරිම අපූරු වදන් පෙළකින් සුදත් ඇන්තනි ඔවුන්ට ආශිර්වාද කර තිබුණේ මෙන්න මෙහෙමයි.
"ලෝකයේ චෝදනා නසා.......
ආදරේ පෑහෙනා නිසා.......
ඉතිං උන් බැන්දා !
සමාජයේ කතාබහට ලක්වන මේ ආදරණීය යුවළගේ දෙවැනි කදීම විවාහ සංවත්සරය වෙනුවෙන් සුදත් ඇන්තනි මහතා, "අදට දෙවසරයි. ජය වේවා....සුබ වේවා.... ආවඩා ආයු බෝ වේවා" යනුවෙන් හෘදයාංගමව සුබ පැතුම් එකතු කර තිබුණා.