බුලත්සිංහල දෙල්මෑල්ල අඹගහකන්ද පදිංචි බන්ධනාගාර පොලිසියේ දර්ශන තරංග අතුකෝරල, වයස අවු 36 ක තරුණයෙක්. ඔහු වැලිකඩ බන්ධනාගාරයට අනියුක්තව රාජකාරී ඉටුකළ අයෙකු වන අතර, පසුව එදා සිද්ධිය වන අවස්ථාවේදී ඔහු මෙම ස්ථානයට ගොස් තිබෙනවා.
බුලත්සිංහල ජාතික පාසලේ ආදි සිසුවෙකු වන ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂතා දැක්වූ අයෙක්. එසේම මෙම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු සහ සහොදරියක් සිටින අතර, මෙලෙස ජීවිතක්ෂයට පත්වූ තරංග පවුලේ බාලයා වනවා.
ඔහු ක්‍රිකට් ක්‍රිඩාවට දක්ෂ නිලධාරයෙක් වන අතර මීට අවුරැදු තුනකට පමණ පෙර විවාහ පත්ව ඇති බවටයි වාර්තා වෙන්නේ. මේ වන විට එක්දරු පියෙකු වන තරංගට වයස මාස හතක බිළිදියක් සිටින බවයි වාර්තා වෙන්නේ.