ගායනයත් එක්ක ඉන්න ඔහු සොබාවදහම ගැන දකින්නේ කොහොමද..? මේ අන්න ඒ ගැන ඔහුගේ මුහුණුපොතේ පළවුණු සටහනක්.
පරණ මතක ගොන්නක් එක්ක තනිවෙන්න මේ පරිසරයේදී ඔහුට පුළුවන් වෙලා. ඇයත් එක්ක ගතකළ මේ කාලය ගැන ඔහු කියා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.
"අවුරුදු ගානක මතක ගොන්නක් එක්ක අතීතයට දිව ගිය දවසක්...
මේ කුඹුරු යාය දිහා බලන් ඉන්නකොට, කාලය කොයි තරම් ඉක්මනින් ගිහින්ද කියලා හිතෙනවා. මේ පස මත අපේ ජීවිතේ සුන්දර මෙන්ම කටුක මතක කොච්චර නම් තැන්පත් වෙලා ඇත්ද...
වැස්සත් එක්ක මඩේ බැහැලා වැඩ කරපු දවස්, ඉර අව්ව නොබලා වෙහෙස මහන්සි වූ දවස්, අස්වැන්න ලැබුණු දාට සතුටින් පිරුණු මුහුණු, ඒ වගේම අහිමිවීම්, දුක් කඳුළු, බලාපොරොත්තු බිඳුණු මොහොතවල්...
මේ කුඹුරු යාය සාක්ෂි දරන්නේ ගොවිතැනක කතාවක් විතරක් නෙවෙයි. ජීවිතයකට, සටන් කළ කාලයක් , දුක් කම් කටොලු මතින් හා කැපවීම මතින් නොසැලී ඉදිරියට ඇවිද ගිය ගමනක් අදත් මේ වෙල් යාය දිහා බලනකොට ඒ අතීතයම මැවිලා පේනවා. මේ හමන සුළඟත් එක්ක ඒ අතීතයේ සුවද මුසුවෙලා තියෙනවා.
කාලය වෙනස් වුණත්, මිනිස්සු වෙනස් වුණත්, මේ පස තුළ නිදාගෙන ඉන්න මතකයන් නම් කිසිදා මැකෙන්නේ නැහැ."