"මල් පිපුණාට ලෝකය ලස්සන වෙන්නෑ", "හිත් අහස වලාකුළෙන්" වගේ නොමියෙන ගීත රැසක් දායාද කරපු ඔහු ගැන අද සමාජ මාධ්‍ය පුරා විශේෂ කතාබහක් ඇති වෙන්න හරි අපූරු හේතුවක් තියෙනවා.
ඒ තමයි, සේනානායක වෙරලියද්ද මහතා මෑතකදී තමන්ගේ ජීවිතයට අලුත්ම සුඛෝපභෝගී වාහනයක් එකතු කරගෙන තිබීම. තමන්ගේ දහඩිය මහන්සියෙන් සැබෑ කරගත්තු මේ විශේෂ සහ සතුටුදායක අවස්ථාව ගැන ඔහු තමන්ගේ නිල මුහුණුපොත හරිම නිහතමානී, ඒ වගේම හැඟීම්බර සටහනක් තබන්නත් අමතක කරලා තිබුණේ නැහැ.
කලා ලෝකයේ ආදරණීය වෙරලියද්ද තමන්ගේ අලුත් වාහනයත් එක්ක මුහුණුපොතට එකතු කරලා තිබුණු ඒ අපූරු සටහන සහ පින්තූර එකතුව මෙන්න.
සේනානායක වෙරලියද්ද තැබූ සටහන:
ඔන්න අද ඉඳන් අපිත් එක්ක රට වටේ යන්නෙ මෙයා.. ස්තූතියි ආදරණීය ඔබ සැමට. මාගේ සෑම ජයග්‍රහණයක් පසුපසම ආදරණීය සංගීතලෝලී ඔබ සැමගේ ආදරය ආශීර්වාදය නිතැතින්ම ගැබ්වෙලා තියෙනවා.....ත්‍රිවිධරත්නයේ ආශිර්වාදයටත්, සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයටත් විශ්ව ශක්තියත්,පොළව මහීකාන්තාවත් ,හැදූ වැඩූ දෙමාපියන්ටත් ඉදිරියට තබන එක් පියවරකට පාසා ජවය බලය ශක්තිය ආශිර්වාදය දෙන සියලුම දෙනාටත් හදවතින් ස්තූතියි ..
හමුවෙමු."
