කාලෙන් කාලෙට වෙනස්ම විදිහේ චරිත හරහා අපේ ආලින්දයට එන නිමේෂ්, මේ දවස්වල හැමෝගෙම ආදරය දිනාගෙන ඉන්නේ හිරු ටීවී නාලිකාවේ විකාශය වෙන "ඇත්තටම මං ඔයාට ආදරෙයි" ටෙලිනාට්‍යය හරහායි.
මේ ටෙලිනාට්‍යයේ ඔහු නිරූපණය කරන ප්‍රධාන චරිතයත් එක්ක නිමේෂ් දැන් ලංකාවේ තරුණියන්ගේ හීන කුමාරයා බවට පත්වෙලා හමාරයි.ඔහුගේ තියෙන ආකර්ෂණීය පෙනුමයි, හිතට වදින තාත්වික රංගනයයි නිසාම කෙල්ලන්ගේ හදවත් හොරාගන්න නිමේෂ්ට ගතවුණේ හරිම කෙටි කාලයයි. ඔන්න ඉතින් මේ විදිහට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ගමන්, පසුගිය දවසක නිමේෂ් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට හරිම ලස්සන ඡායාරූප පෙළක් එකතු කරලා තිබුණා.
මේ ෆොටෝ ටික දැක්කම නම් ඉතින් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ, කෙල්ලන්ට පිස්සු හැදෙන එක සාධාරණයි කියලා ඔයාලටම හිතෙයි. ඔහුගේ ඒ කඩවසම් පෙනුම සහ ආකර්ෂණීය විලාසිතාව මේ ඡායාරූපවලින් තවත් ඉස්මතු වෙලා පේනවා.
බලන්නකෝ ඉතින් මේ දවස්වල හැමෝම ආදරය කරන මේ කඩවසම් රංගන ශිල්පියාගේ අලුත්ම ඡායාරූප ටික කොහොමද කියලා.