Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
26
වෙඩින් එකට කලින් පෙම්වතාව Surprise කරපු ආදරවන්තිය, රහස් පෙම්වතා එක්ක එකතු වෙලා කරපු වැඩේ... පැය 200ක හොර කෝල්ස් 2000ක්!

- වෙඩින් එකට කලින් පෙම්වතාව Surprise කරපු ආදරවන්තිය, රහස් පෙම්වතා එක්ක එකතු වෙලා කරපු වැඩේ... පැය 200ක හොර කෝල්ස් 2000ක්!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

224 Views

ආදරය කියන්නේ පරිත්‍යාගයට කියලා සමහරු කියද්දී, තවත් සමහරුන්ට ආදරය කියන්නේ තවත් කෙනෙක්ව බිලිගන්නා දරුණු මෙවලමක්.


මෑතකදී මුළු ඉන්දියාවම උඩුයටිකුරු කරපු, හැමෝගෙම දෑස් කඳුළින් තෙත් කරපු කේතන් අග්‍රවාල්ගේ ඝාතන පුවත ඊට හොඳම උදාහරණයක්.

පෙනුමෙන් කඩවසම්, තරුණ, ඒ වගේම ඉතාමත් ධනවත් ව්‍යාපාරිකයෙක් වුණු කේතන් තමන්ගේ පෙම්වතිය වුණු සියා ගෝයල්ට පණ වගේ ආදරය කළා. විවාහ වෙන්න කලින් ඇයව පුදුම කරවන්න කේතන් කරපු අපූරු දේවල්, ඇයට ආදරෙන් සලකපු වීඩියෝ මේ වෙනකොටත් අන්තර්ජාලයේ සැරිසරනවා.

ඒ වීඩියෝ සහ ඡායාරූපවල සියා මාරම ලස්සනට හිනාවෙලා, හරිම ආදරණීය සතුටු මුහුණක් ලෝකයට පෙන්නුවා. හැමෝම හිතුවේ ඇය කේතන්ට ගොඩක් ආදරෙයි කියලා. හැබැයි ඒ හිනාව පිටුපස හැංගිලා තිබුණේ මහා සූක්ෂ්ම, ලේ පිපාසිත සැලසුමක් කියලා කවුරුවත් දැනන් හිටියේ නැහැ. ඇය කේතන්ට ඇත්තටම ආදරය කරලා නැහැ...

මේ කතාවේ තියෙන බිහිසුණුම සහ කණගාටුදායකම දේ තමයි, කේතන් එක්ක විවාහ වෙන්න පෙරුම් පුරන අතරතුරේම සියා මාස ගණනාවක් තිස්සේ ඇගේ රහස් පෙම්වතා එක්ක සබඳතාවයක් පවත්වාගෙන ගිහින් තියෙනවා. පොලිස් පරීක්ෂණවලදී හෙළිවෙලා තියෙන විදියට ඇය ඇගේ රහස් පෙම්වතා එක්ක...

දුරකථන ඇමතුම් 2000කට වඩා අරගෙන තියෙනවා. පැය 200කට වඩා වැඩි කාලයක් හොරෙන් කතා කරලා තියෙනවා.

මේ හැම කතාබහකම අරමුණ වෙලා තිබුණේ එකම එක දෙයයි. ඒ, කේතන්ව එයාලගේ රහස් ආදර කතාවෙන් සදහටම අයින් කරන්නේ කොහොමද කියන එකයි. ඒ වෙනුවෙන් ඔවුන් කීප වතාවක්ම උත්සාහ කරලා තියෙනවා.

අන්තිමේදී සියා සහ ඇගේ රහස් පෙම්වතා එකතු වෙලා දරුණු සැලසුමක් ක්‍රියාත්මක කළා. ඔවුන් කේතන්ව ඉන්දියාවේ ප්‍රසිද්ධ ලෝහගාඩ් බලකොටුව බලන්න එක්කන් ගිහින්, එහි තිබූ මහා ප්‍රපාතයකින් පහළට තල්ලු කරලා දාලා තියෙනවා. ඉන්පස්සේ මේක අහඹු ලෙස සිදුවුණු අනතුරක් විදියට ලෝකයට ඒත්තු ගන්වන්න ඔවුන් උපරිම උත්සාහ කළා.

කේතන්ගේ මරණයෙන් පස්සේ සියා හැසිරුණු ආකාරය ගැන කේතන්ගේ සහෝදරියට (නංගිට) ලොකු සැකයක් ඇතිවෙලා තියෙනවා. ඇය මේ ගැන දිගින් දිගටම පොලීසිය ලවා විමර්ශනය කරන්න උත්සාහ කළ නිසා තමයි මුළු ලෝකයම හොල්ලපු මේ රහස එළියට ආවේ. අවසානයේදී තාක්ෂණික සාක්ෂිත් එක්ක සියා සහ ඇගේ රහස් පෙම්වතා එකතු වෙලා කරපු මේ සූක්ෂ්ම ඝාතනය ඔප්පු වුණා.

තමන් පණ වගේ ආදරය කරපු, තමන්ගේ ජීවිතේ ලස්සන කරන්න හදපු කෙල්ල වෙනුවෙන්ම ජීවිතය කැප කරපු කේතන්ට අන්තිමට වුණේ තමන්ගේ ජීවිතයෙන් හරිම අවාසනාවන්ත විදියට සමුගන්නයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top