තමන්ගේ නිර්මාණශීලී වීඩියෝ කලාව වගේම විවිධ සමාජ සේවා කටයුතු නිසාත් ඔහු කා අතරත් ජනප්‍රියයි.
ඔන්න ඉතින් අද අශේන් ගැන කතා කරන්න හරිම සුවිශේෂී වගේම සතුටුදායක හේතුවක් තියෙනවා. ඒ තමයි අශේන් තමන්ගේ ජීවිතයට එකතු කරගත්තු අලුත්ම සුපිරි සිහිනය සැබෑ කරගැනීම..
තමන්ගේම කියලා සුපිරි වාහනයක් ගන්න එක අද කාලේ ඕනෑම තරුණයෙක්ගේ ලොකුම හීනයක්. හැබැයි රටේ පවතින තත්ත්වයත් එක්ක ඒ හීනය හැබෑ කරගන්න එක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඔන්න ඒ හැම අභියෝගයකටම නොසැලී මුහුණ දෙමින්, අඩුම වයසකින් තමන්ගේ හීන වාහනය තමන් සතු කරගන්න අශේන් සමත් වෙලා තියෙනවා.
වයස කියන්නේ හීන ජයගන්න බාධාවක් නෙවෙයි කියලා ඔප්පු කරපු අශේන්, තමන්ගේ ඉලක්ක වෙනුවෙන් නොනවතින්න මහන්සි වුණු කෙනෙක්. තමන්ගේ මහන්සියෙන් උපයපු සල්ලිවලින් මේ වගේ වටිනා කියන දෙයක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ලැබීම සැබෑවටම වාසනාවක් වගේම ආඩම්බරයක්.