ඒ, ජූනි "ජාතික පෝෂණ මාසය" වෙනුවෙන් සංවිධානය කළ 2026 වසරේ නිල සැමරුම් උත්සවයේදී "සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශය’’ නිල වශයෙන් එළිදැක්වීමත් සමඟයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය අද (22) කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, පාසල් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් දැඩි තීරණ ගැනීමට තමන් පසුබට නොවන බව ඉතාමත් ඍජුව ප්‍රකාශ කළා.
පසුගිය කාලයේ පාසල් තුළ ආහාර රෙගුලාසි දැඩි කළ අවස්ථාවලදී, පාසල්වල විවිධ ව්‍යාපෘතිවලට මුදලින් අනුග්‍රහය දැක්වූ ඇතැම් සමාගම් ඉන් ඉවත් වීමට උත්සාහ කළ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. එහිදී ඔහු සමස්ත පද්ධතියෙන්ම ඉතාමත් ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් විමසා සිටියා:
"පාසලේ එක එක ව්‍යාපෘතිවල වියදම් පියවා ගන්න කියලා දරුවන්ට හානිකර (වස) කෑම දිගටම දෙනවාද? නැත්නම් තව දශක කිහිපයකින් රටේ සංවර්ධනය භාරගන්න ඉන්න දරුවන්ගේ පෝෂණය ගැන හිතනවාද? අපි ඒක තීරණය කරන්න ඕනේ."
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ තාක්ෂණික දායකත්වයෙන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් සකස් කළ මෙම නව මාර්ගෝපදේශයේ ප්‍රධානතම අරමුණ වෙන්නේ පාසල් දරුවන්ට කැන්ටින් එකෙන් පෝෂ්‍යදායී, සෞඛ්‍යාරක්ෂිත මෙන්ම සාධාරණ මිලකට ආහාර ලබාගත හැකි වටපිටාවක් නිර්මාණය කිරීමයි.මෙහි අන්තර්ගත ප්‍රධාන අරමුණු 5 මෙන්න:
බෝ නොවන රෝග (දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි) අවදානමෙන් මිදුණු නිරෝගී දරු පරපුරක් බිහි කිරීම.
පාසල් සිසුන්ට රසවත් මෙන්ම පෝෂ්‍යදායී ආහාර සැපයීම සහතික කිරීම.
ළමුන් තුළ නිවැරදි ආහාර පුරුදු ඇති කිරීම සඳහා ආකල්පමය වර්ධනයක් ඇති කිරීම.
මෙම නිවැරදි ආහාර පුරුදු දරුවා හරහා මුළු සමාජයටම රැගෙන යාම.
පාසල් ආපනශාලාවල පවතින සනීපාරක්ෂාව සහ පිරිසිදුකම උපරිම මට්ටමින් සහතික කිරීම.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සහ යුනිසෙෆ් (UNICEF) ආයතනයේ මෙරට නියෝජිතයින් ඇතුළු සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළම නිලධාරීන් පිරිසක් සහභාගී වූ මෙම වැඩසටහන හරහා ඉදිරියේදී මෙරට පාසල් ආපනශාලා පද්ධතියේ කැපී පෙනෙන වෙනසක් සිදුවනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වනවා.