2019 වසරේ ඉඳන්ම වැඩබලන තනතුරුවල විවිධ කටුක අත්දැකීම් මැද සේවය කරපු නිලධාරීන් 192 දෙදෙනෙකුට හෙට උදෑසන කොළඹ ප්‍රධාන තැපැල් මූලස්ථානයේදී තමන්ගේ ස්ථිර පත්වීම් ලිපි හිමිවීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
මෙම පත්වීම් ප්‍රදානය කරනු ලබන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙවර ස්ථිර වන නිලධාරීන්ට ලැබෙන ප්‍රධානම වාසි කිහිපයක් මෙන්න.තනතුරේ ස්වභාවයවැඩබලන (Temporary)ස්ථිර විශ්‍රාම වැටුප් සහිත (Pensionable)ගොඩනැගිලි දීමනාවරුපියල් 1500රුපියල් 7500 දක්වා ඉහළට!මෙම පත්වීම් සඳහා 2020 ඔක්තෝම්බර් 15 දිනට පෙර වැඩ බැලීමට යොදවා සිටි 196 දෙනෙකු අතුරින් සියලුම සුදුසුකම් සපුරන ලද 192 දෙදෙනෙකු තෝරාගෙන තිබෙනවා. වත්මන් රජය විසින් ඉදිරිපත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව තමයි වසර ගණනාවක ඔවුන්ගේ මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබී තියෙන්නේ.
විශේෂයෙන්ම උප තැපැල් කාර්යාල පවත්වාගෙන යාම සඳහා තමන් විසින්ම ගොඩනැගිලි සොයා ගැනීමේදී මෙතෙක් කල් ලැබුණු රුපියල් 1500ක සොච්චම් දීමනාව, වත්මන් ආර්ථික තත්ත්වයට ගැළපෙන පරිදි රුපියල් 7500ක් දක්වා වැඩි කිරීමට පියවර ගැනීම මෙම නිලධාරීන්ට ලැබුණු දැවැන්ත සහනයක් වනු නොඅනුමානයි.
1921 වර්ෂයේදී මුළු ලංකාවටම උප තැපැල් කාර්යාල තිබුණේ 06ක් විතරයි. හැබැයි අද වෙද්දි දිවයින පුරා විසිරුණු උප තැපැල් කාර්යාල 3,410ක් දක්වා මේ සේවාව දැවැන්ත වෘක්ෂයක් වගේ ව්‍යාප්ත වෙලා තියෙනවා.
හෙට දිනයේ ස්ථිර රාජ්‍ය සේවයේ වරම් ලබන, රටේ ග්‍රාමීය ජනතාවගේ දුක සැප බෙදාගන්නා සියලුම උප තැපැල් ස්ථානාධිපතිවරුන්ට අපගේ උණුසුම් සුබපැතුම්!