ඔහුගේ වම් පාදය ආශ්‍රිතව (කලවා පිටුපස මාංශ පේශියක) හටගත් දරුණු ආබාධයක් හේතුවෙන් මතීෂ පතිරණව ප්‍රංශයේ රෝහලකදී විශේෂ ශල්‍යකර්මයකට භාජනය කර තිබෙනවා.
කෙසේ වෙතත් වාර්තා වන අන්දමට මෙම සැත්කම ඉතාමත් සාර්ථක ලෙස නිම වී ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඔහුගේ සුවදුක් බැලීම සහ වෛද්‍ය පහසුකම් වෙනුවෙන් උපරිම දායකත්වය සපයා තිබෙනවා.
සැත්කමෙන් පස්සේ මතීෂ දැන් ප්‍රංශයේ සිටම තමන්ගේ සුවය ලැබීමේ මාවත ආරම්භ කරලා තියෙන්නේ. තමන් ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වෙනදාටත් වඩා ශක්තිමත්ව, ඉතා ඉක්මනින්ම ක්‍රීඩා පිටියට පිවිසීමට ඔහු දැඩි උත්සාහයකින් පසුවන බවයි ආරංචි වෙන්නේ.