එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක කියා සිටියේ, පසුගිය වසරටම වාර්තා වූ ඩෙංගු රෝගීන් හා මරණ ප්‍රමාණය මේ වනවිට වාර්තා වී ඇති බවයි.
ඒ අනුව, වසරේ මේ දක්වා ඩෙංගු මරණ 27ක් සිදුව තිබෙනවා. ගෙවුණු සති කිහිපය පුරා රෝගයේ සීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කළ අතර ඊයේ වනවිට දිවයිනෙන්ම වාර්තා වී තිබූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 42, 807ක්.
ඉන් සියයට 51 ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.
එම සංඛ්‍යාව 22,002ක්.
මේ වනවිට ක්‍රියාත්මක ඩෙංගු සතියේ තුන්වන දිනය අදයි.
ඒ අනුව අදත් නාගරික ප්‍රදේශ, අවහිර වූ කාණු පද්ධති, වෙළෙඳ සංකීර්ණ, ආගමික ස්ථාන සහ බස් නැවතුම්පොළ ඇතුළු පොදු ස්ථාන පිරිසිදු කිරීම සිදු සහ පරීක්ෂා කිරීම සිදු වනවා.
ලබන 20 වැනිදා දක්වා මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක අතර හෙට දිනයේ පාසැල්, පෙර පාසැල් සහ පෞද්ගලික උපකාරක පන්ති ඇතුළු සියලුම අධ්‍යාපන ආයතන පරිශ්‍ර පිරිසිදු කිරීමට නියමිතයි.
ලබන 19 වැනිදා පිරිසිදු කිරීමට නියමිතව ඇත්තේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන්ම කර්මාන්තශාලා පරිශ්‍රයි.
ජුනි 20 වැනිදා පෞද්ගලික නිවාස සහ නිවාස අවට පරිශ්‍ර පිරිසිදු කිරීමට වෙන් කර තිබෙනවා.