හැබැයි මේ වෙද්දී මුළු රටම භීතියට පත් කරන අලුත්ම අනතුරු ඇඟවීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එළියට ඇවිත් තියෙනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසන විදියට, දැන් ඩෙංගු මදුරුවාගේ ප්‍රධානම ඉලක්කය වෙලා තියෙන්නේ අපේ පාසල් දරුවන්වයි!
දරුවන්ගේ ආරක්ෂාව ගැන දෙමව්පියන් මීට වඩා දහගුණයකින් අවධානය යොමු කළ යුතුම කාලයක් දැන් ඇවිත්.
සමාජ මාධ්‍යවල මේ දවස්වල ලොකුවට යන කතාවක් තමයි ඉස්පිරිතාලවල ඩෙංගු ලෙඩ්ඩු පිරිලා, ඇඳන් නැති තරම් කියන එක. හැබැයි අද කොළඹ පැවති වැඩසටහනකින් පස්සේ මාධ්‍යයට අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ කතාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවට පැතිරෙන කතා සම්පූර්ණ අසත්‍යයක් බවයි ඔහු අවධාරණය කළේ.
රෝහල් පිරිලා නැති වුණාට තත්ත්වය නම් ඒ තරම් සතුටුදායක නැහැ. ගෙවුණු සති දෙක ඇතුළත ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරලා තියෙනවා.
මුළු රෝගීන් ගණන- ඊයේ දිනය වන විට මුළු දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 41,925ක් වාර්තා වී තිබෙනවා.
බස්නාහිරට මරු පහරක්- මේ රෝගීන්ගෙන් හරි අඩකටත් වඩා, ඒ කියන්නේ සියයට 51ක්ම (රෝගීන් 21,451ක්) වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන්
මරණ සංඛ්‍යාව- මේ වෙද්දී ඩෙංගු මාරයා ජීවිත 24ක් බිලිගෙන අවසන්!
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කරන්න මේ දිනවල දැවැන්ත ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මකයි. මේ යටතේ අද, හෙට සහ අනිද්දා දිනවලදී නාගරික ප්‍රදේශ, කාණු පද්ධති, වෙළෙඳ සංකීර්ණ, ආගමික ස්ථාන සහ බස් නැවතුම්පොළ පිරිසිදු කෙරෙනවා.
මීට අමතරව විශේෂ පිරිසිදු කිරීමේ දින කිහිපයක්ම නම් කරලා තියෙනවා,
ජුනි 18 (පාසල් ළමයින්ගේ දවස)- පාසල්, පෙර පාසල් සහ පෞද්ගලික උපකාරක පන්ති (ටියුෂන් පන්ති) ඇතුළු සියලුම අධ්‍යාපන ආයතන පිරිසිදු කිරීම.
ජුනි 19 (වැඩ කරන අයගේ දවස)- සියලුම රාජ්‍ය, පෞද්ගලික ආයතන සහ කර්මාන්තශාලා පරිශ්‍ර පිරිසිදු කිරීම.
ජුනි 20 (ගෙවල් පිරිසිදු කරන දවස)- පෞද්ගලික නිවාස සහ ඒ අවට පරිශ්‍ර පිරිසිදු කිරීම.
ඩෙංගු කියන්නේ සෙල්ලමක් නෙවෙයි! විශේෂයෙන්ම තමන්ගේ දරුවන් පාසල් යවද්දී සහ ටියුෂන් පන්ති යවද්දී මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන ආලේපන ගල්වන්නත්, අවට පරිසරය පිරිසිදුව තියාගන්නත් දෙමව්පියන් දැඩිව සැලකිලිමත් වෙන්න.