ඉරානයේ දකුණු දිග හෝමොස්ගන් (Hormozgan) පළාතේ සර්ගාසෝ (Sargaz) කලාපයට සහ කියුබා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට ප්‍රබල භූමිකම්පා දෙකක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරානයේ දකුණු දිග හෝමොස්ගන් පළාතේ සර්ගාසෝ කලාපයට බලපෑ මෙම භූමිකම්පාව රික්ටර් පරිමාණයේ 5.0 ක අගයකින් යුක්ත වී තිබෙනවා.
එය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 22 ක ගැඹුරකින් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, කියුබා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 6.1 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා.
මෙහි කේන්ද්‍රය සටහන්ව ඇත්තේ පොළොව මතුපිට සිට කිලෝමීටර් 10 ක් තරම් නොගැඹුරු මට්ටමක බවයි වාර්තා වෙන්නේ.
මෙම භූමිකම්පා හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ගොඩනැගිලි සෙලවී ඇති අතර, ජනතාව කලබලයට පත්ව වීදිවලට පැමිණ ඇති බව ද සඳහන්.
කෙසේ වෙතත්, සිදුවීම් දෙකෙන්ම මෙතෙක් කිසිදු ජීවිත හානියක් හෝ බරපතළ දේපළ හානියක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තහවුරු කරනවා.