මෙහෙම වෙලා තියෙන්නේ ඇයි කියලා දන්නවාද..? මේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා කටුනායක ගුවන් තොටු පොළෙන් ඊයේ අලුයම පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයට අකුණු පහරක් වැදීමෙන්, එම ගුවන් යානය විනාඩි 40ක ගුවන් ගමනකින් පසුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගත් බව ගුවන් තොටු පොළ කාර්ය භාර නිලධාරීවරයා සදහන් කළා.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්. - 606 දරන ගුවන් යානය ඊයේ (12 දා) අලුයම 01.00ට කටුනායක ගුවන් තොටු පොළෙන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා පිටත්ව ගොස් තිබුණා.
එම ගුවන් යානය එයාර් බස් වර්ගයේ ඒ.- 330 වර්ගයේ පුළුල් බඳ සහිත ගුවන් යානයක් වූ අතර එහි ගුවන් මගීන් 217 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 16 දෙනෙකු ගමන් ගනිමින් සිටියා.
ඒ වන විට ප්‍රදේශයේ පැවති අකුණු ගැසීම් සහිත වැසි තත්ත්වය මත මෙම ගුවන් යානයට ද අකුණු පහරක් එල්ලවීම නිසා, එම ගුවන් යානය සිය ගුවන් ගමන අතහැර ආපසු කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (12 දා) අලුයම 01.40ට ගොඩ බැස්සවීමට ගුවන් නියමුවා පියවර ගෙන තිබුණා.
ඉන්පසුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය තවත් වෙනත් එම වර්ගයේ පුළුල් බඳ සහිත ඒ.330 වර්ගයේ ගුවන් යානයක් යොදවා, එම ගුවන් මගීන් පිරිස රැගෙන, යළිත් ඊයේ උදෑසන 06.06ට කටුනායක ගුවන් තොටු පොළෙන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා පිටත් කර යැවූ බව ගුවන් තොටු පොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා.