ඇමරිකාවයි ඉරානයයි අතරේ ගිනි පුපුරු විසිවෙද්දී අපේ ඇඟේ ලේ වතුර වුණේ වෙන මුකුත් නිසා නෙමෙයි, එක පාරටම බොරතෙල් මිල අහසට නැගපු නිසයි. හැබැයි ඔන්න අද (12) වෙද්දී කවුරුත් හිතපු නැති විදිහේ ලොකු පෙරළියක් වෙලා!
ඊයේ (11) ඇමරිකාව ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරන්න ගත්ත පියවරත් එක්ක දෙරට අතරේ තත්ත්වය උපරිමයටම නරක අතට හැරුණා. ඉරානයත් නිකම් හිටියේ නැහැ, ලෝකෙම තෙල් ප්‍රවාහනය කරන ප්‍රධානම නහරයක් වගේ තියෙන හෝමුස් සමුද්‍ර සන්ධිය වහලා දාලා ඇමරිකාවට රිටර්න් එක දුන්නා. මේ ඩ්‍රාමා එකත් එක්ක ඊයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 2කින් විතර එක පාරටම ඉහළ ගිහින් ඩොලර් 90 සීමාවත් කඩාගෙන ගියා!
බ්‍රෙන්ට් තෙල්- 2.47%කින් නැගලා ඩොලර් 95.40 දක්වා ඉහළ ගියා!
ඇමරිකානු WTI තෙල්- 2.89%කින් නැගලා ඩොලර් 92.63 දක්වා උපරිමයකට ගියා!
ඔහොම යද්දී ඔන්න ඇමරිකාව හිතාගන්න බැරි තීරණයක් අරගෙන. ඉරානයට එල්ල කරන්න හිටපු හමුදා ප්‍රහාර ඔක්කොම එක පාරටම අවලංගු කරන්න ඇමරිකාව තීරණය කරලා. මේ ආරංචිය ආපු ගමන්ම, ගිනි අරන් තිබුණු ලෝක බොරතෙල් වෙළඳපොළට මහ වැස්සක් වැටුණා වගේ තෙල් මිල ආයෙමත් ඩොලර් 90 සීමාවෙන් පහළටම කඩාගෙන වැටිලා තියෙනවා.
අද (12) උදේ වෙද්දී තෙල් මිල සටහන් වුණේ මෙහෙමයි,
බ්‍රෙන්ට් - ඩොලර් 89.33යි.
මර්බන් - ඩොලර් 87.25යි.
ඇමරිකානු - ඩොලර් 86.74යි.
ලෝක බලවත්තුන්ගේ මේ හැංගිමුත්තන් සෙල්ලම නිසා එක දවසින් තෙල් මිල අහසට ගිහින් ආයෙමත් බිමට වැටුණා. කොහොම වුණත් ඇමරිකාව ගේම අතහැරපු එකෙන් ලෝකෙටම දැනට ලොකු සහනයක් ලැබිලා තියෙනවා. කොහොමටත් මේ දවස්වල ලෝක දේශපාලනේ යන විදිහට මොන වෙලාවේ මොනවා වෙයිද කියලා කාටවත්ම කියන්න බැහැ. ඉතින් මේ තත්ත්වය ඉදිරියට කොහොම වෙනස් වෙයිද කියලා අපි ඇහැ ගහගෙනම ඉමු!