හෙට (07 වැනිදා) දවස ඇතුළත ලංකාවේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අහස කළු කරලා, මිලිමීටර් 100 ඉක්මවපු මහා තද වැසි ඇද හැලෙන්න පුළුවන් කියලයි කාලගුණ නිලධාරීන් අනතුරු අඟවන්නේ.
ඔන්න බලන්න හෙට දවසේ වැස්ස ඇති වෙන්න පුළුවන් ප්‍රදේශ මොනවාද කියලා...
බස්නාහිර සහ සබරගමුව පළාත්
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන ආකාරයට මේ වැස්සත් එක්කම හුළඟත් ඇති වෙන්න පුළුවන්. දිස්ත්‍රික්ක කිහිපයකටම ඇතැම් වෙලාවට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් හමන තද සුළං ඇතිවීමේ ලොකු අවදානමක් තියෙනවා.
ඒ නිසා පාරේ තොටේ යද්දී, ගස් සහ විදුලි කම්බි ළඟින් යද්දී වෙනදාට වඩා පරිස්සම් වෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔන්න මේ සුළං අවදානම තියෙන පැති.
මධ්‍යම, සබරගමුව, උතුර, උතුරු මැද පළාත් මෙන්ම හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක.
හෙට දවසේ ගමනක් බිමනක් යන්න ප්ලෑන් කරලා තියෙනවා නම් කුඩයක්, රේන් කෝට් එකක් ලෑස්ති කරගෙනම, ගොඩක් පරිස්සමෙන්.