විශ්ව කියන්නේ රංගනයෙන් වගේම තමන්ගේ සැබෑ ජීවිතය ඇතුළෙත් හරිම සරල, ගුණගරුක චරිතයක් විදිහට ක්ෂේත්‍රයේ කාගෙත් පැසසුමට ලක්වුණු කෙනෙක්නේ. ඔන්න ඉතින් පසුගිය දවසක ඔහු තමන්ගේ මුහුණු පොත හරහා හැමෝගෙම හිත් නිවිලා යන විදියේ අපූරු පින්තූර එකතුවක් රසිකයන් වෙනුවෙන් බෙදාහදාගෙන තිබුණා.
මේ දිනවල විශ්ව තමන්ගේ ආගමික වත්පිළිවෙත්වලට මුල් තැන දෙමින් ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගන්න ගිය අවස්ථාවක ගත්තු ඡායාරූප පෙළක් තමයි මේ විදිහට සමාජ මාධ්‍ය උඩුයටිකුරු කරලා තියෙන්නේ.
සුදු පැහැති ඇඳුමෙන් සැරසිලා හරිම ශාන්ත විදිහට ඉන්න විශ්ව, දළදා මාලිගාවේ ප්‍රාකාරය ළඟ ඉන්න අසරණ සත්තුන්ට තමන්ගේ අතින්ම ආහාර ලබාදෙන අපූරු මොහොතක් මේ පින්තූරවල සටහන් වෙලා තියෙනවා. නළුවෙක් වුණත් තමන්ගේ ජනප්‍රියත්වය පැත්තකින් තියලා, මේ වගේ සරල විදිහට සතුන්ට ආදරය දක්වන එක නම් හැමෝටම ලොකු ආදර්ශයක්.
ඔයාලත් බලන්නකෝ විශ්ව කොඩිකාරගේ මේ ලස්සනම ලස්සන, හිත නිවන පින්තූර එකතුව කොහොමද කියලා.....
