අද (06) දහවල් 1.00ට විතර ආණමඩුව, මුදලක්කුලිය ප්‍රදේශයේදී සිද්ධ වුණු මේ දරුණු රිය අනතුරෙන් එකම පවුලේ පිරිසකගේ සතුට කඳුළක් බවට පත් කරමින් එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. තවත් 12 දෙනෙක්ම දරුණු ලෙස තුවාල ලබා මේ වෙනකොට හොස්පිට්ල් එකේ සටනක නිරත වෙනවා කියලයි ආරංචි වෙන්නේ.
පොළොන්නරුවේ ඉඳලා හලාවත මුන්නේෂ්වරම් දේවාලයේ වන්දනා කටයුතු සඳහා කුඩා ප්‍රමාණයේ ලොරි රථයකින් තමයි මේ පිරිස ඇවිත් තියෙන්නේ. පූජාවන් නිම කරලා ආපහු පොළොන්නරුව බලා යමින් ඉන්න අතරතුරේදී තමයි ආණමඩුව මුදලක්කුලිය ප්‍රදේශයේදී ලොරි රථය එක පාරටම වේගය පාලනය කරගන්න බැරුව මාර්ගයෙන් ඉවතට පැනලා ගිහින් මහා ගසක දරුණු විදිහට හැප්පිලා තියෙන්නේ.
අනතුර සිද්ධ වෙන වෙලාවේ මේ කුඩා ලොරි රථය ඇතුළේ 13 දෙනෙක්ම ගමන් කරලා තියෙනවා. අනතුරේ සැර කමටම ලොරියේ හිටපු 13 දෙනාම බරපතළ තත්ත්වයෙන් ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කරලා තියෙනවා.
හැබැයි ඒ එනකොටත් ප්‍රමාද වැඩියි... ඒ ආපු පිරිස අතරේ හිටපු එක ආදරණීය අම්මා කෙනෙක් රෝහලේදී අවසන් හුස්ම හෙළලා තියෙනවා. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වෙලා තියෙන්නේ පොළොන්නරුව, අරලගංවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි කාන්තාවක්.
රෝහල් ආරංචි මාර්ග පවසන ආකාරයට, තුවාල ලැබූවන් අතරින් අසාධ්‍ය තත්ත්වයේ පසුවුණු දෙදෙනෙක්ම වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වෙනකොටත් පුත්තලම මූලික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
මේ මහා විනාශයට හේතුව මොකක්ද කියලා ආණමඩුව පොලීසිය පරීක්ෂණ පවත්වනවා. පොලීසිය සැක කරන්නේ දීර්ඝ ගමනක් නිසා ඇතිවුණු මහන්සියත් එක්ක ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මේ අනතුර සිදුවෙන්න ඇති කියලායි.