ගින්න හටගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්න එකපාරටම ඇවිලී යද්දී පාලනය කරගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, ගින්න තවදුරටත් අවට ප්‍රදේශයට පැතිර යාම වැළැක්වීම සඳහා ඒ අසල සිටි ජනතාව වහාම ක්‍රියාත්මක වී දැඩි උත්සාහයක නිරත වෙමින් එය මූලික වශයෙන් මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙනවා.
පසුව සිදුවීම සැලවීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ අනුරාධපුර ගිනි නිවීමේ ඒකකය එම ස්ථානයට ළඟාවී ඇති අතර, ඔවුන්ගේ දැඩි වෙහෙසින් පසු ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකිවූ බවයි වාර්තා වන්නේ.
මෙම හදිසි ගින්නෙන් සිදුවූ දේපළ හානිය පිළිබඳ තොරතුරු මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.