පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයින පුරා කරපු විශේෂ වැටලීම් මාලාවකින් පෞද්ගලික රෝහල් සහ රසායනාගාර 23කම රෙදි ගැලවෙන්න වැඩ සිද්ධ වෙලා තියෙනවා.
මහේස්ත්‍රාත් අධිකරණය හරහා මේ අයට නඩු පවරලා, මේ වෙනකොටත් රුපියල් පනස් හත් ලක්ෂ අනූ අට දහසක (රු. 5,798,000) දැවැන්ත දඩ මුදලක් අය කරගෙන ඉවරයි!
මහජනතාවගේ සෞඛ්‍යය ගැන කිසිම තැකීමක් නැතුව මුදල් විතරක් පරමාර්ථ කරගෙන මේ අය කරලා තියෙන බරපතළම අක්‍රමිකතා ටික තමයි මේ:
කල් ඉකුත් වුණු රසායනික ද්‍රව්‍ය භාවිතය: ලෙඩේ හොයාගන්න කරන වෛද්‍ය පරීක්ෂණ (Lab Tests) වලට පාවිච්චි කරලා තියෙන්නෙත්, පාවිච්චියට ලෑස්ති කරලා තියෙන්නෙත් කල් පැනපු කෙමිකල්ස්!
කල් පැනපු ඖෂධ විකිණීම: ලෙඩ්ඩුන්ට බොන්න දීලත් තියෙන්නේ, පාරිභෝගිකයන්ට විකුණන්න තියලත් තියෙන්නේ කල් ඉකුත් වෙච්ච බෙහෙත්.
ගසාකෑම උපරිමයි: පාරිභෝගික අධිකාරිය නියම කරපු ගණන් සතේකට මායිම් නොකර, රසායනාගාර පරීක්ෂණවලට හිතූමනාපෙට අධික ගාස්තු අය කරලා.
ඔක්කොම එකම ගොඩේ: කල් පැනපු කෙමිකල් සහ පාවිච්චියට සුදුසු කෙමිකල් කිසිම වෙන් කිරීමක් නැතුව එකම තැන ගබඩා කරලා තිබීම.
මේ විමර්ශනවලින් අහුවුණු අනෙකුත් ආයතනවලටත් ඉදිරියේදී නීතිමය පියවර ගන්න බව තමයි පාරිභෝගික අධිකාරිය කියන්නේ. කොහොම වුණත් ලොකු ගණන් දීලා ප්‍රයිවට් හොස්පිට්ල් ගියාට, තමන්ට ලැබෙන ඖෂධ සහ සේවාවන් ගැන ඊළඟ වතාවේ ඉඳන්වත් දෙපාරක් හොයලා බලන්න!