අද උදේ ඉඳන්ම මේ පැතිවලට වතුර එන එක නැවතිලා තියෙනවා කියලයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයෙන් දැනුම් දීලා තියෙන්නේ.
අද (23) උදේ 8.30 ට වහපු වතුර ටික ආයෙත් දෙන්නේ එළඹෙන 25 වැනිදාලු. ඒ කියන්නේ හරියටම පැය 48ක (දවස් 2ක) දිග ජල කප්පාදුවකට තමයි මේ පැතිවල අයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ.
බොහෝ දෙනෙක් හදිසියේම වතුර කැපුවම කලබල වුණාට, වෝටර් බෝඩ් එකෙන් කියන්නේ නම් මේ ප්‍රදේශවල තියෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා මේ විදියට දවස් දෙකකට වතුර කපන්න සිද්ධ වුණා කියලයි. කොහොම වුණත් දවස් දෙකක්ම නාන්නේ නැතුව, උයන පිහන වැඩ ටික කරගන්නේ කොහොමද කියලා තමයි ගෘහණියන් නම් දැන් කල්පනා කරන්නේ.
සටහන: ගෙදර වතුර ටැංකියක් නැති අය නම් දැන්ම ගිහින් ගෙදර තියෙන හැම බාල්දියකටම, කේතලයටම වතුර ටිකක් එකතු කරගන්න එක තමයි හොඳම වැඩේ. ඒ වගේම මේ පැතිවල ඉන්න ඔබේ යහළුවන්ටත්, නෑදෑයින්ටත් අපහසුතාවයට පත් වෙන්න කලින් මේ පුවත ෂෙයාර් කරලා දැනුවත් කරන්න අමතක කරන්න එපා.