ඒ අනුව දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ කැපී පෙනෙන වැඩි වීමක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බවයි වාර්තා වන්නේ.
ඔබත් පහත සඳහන් ප්‍රදේශවල ජීවත් වන අයෙක් නම්, හෙට ගෙදරින් එළියට බහිද්දී කුඩයක්, වැහි කබායක් ලෑස්ති කරගෙනම යන්න අමතක කරන්න එපා...
කාලගුණ නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇති විය හැකියි. විශේෂයෙන්ම මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇද හැලීමේ අවදානමක් පවතිනවා.
මේ අතර ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ ප්‍රවණතාවයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වැස්ස විතරක් නෙවෙයි, හෙට දිනයේදී හුළඟත් සැර වෙන්න නියමිතයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර තරමක තද සුළං ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී ඒ සමඟ තාවකාලික තද සුළං සහ භයානක අකුණු අනතුරු සිදුවීමේ හැකියාවක් පවතිනවා. එම නිසා අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමටත්, තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමටත් වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.