ඉන්දියාවේ විලුප්පුරම් දිස්ත්‍රික්කයේ පිහිටි ශ්‍රී ලාංකික සරණාගත කඳවුරක පදිංචිව සිටි 18 හැවිරිදි යාන්සි නමැති ලාංකික තරුණියක් මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.
මෙම 18 හැවිරිදි තරුණිය සමාජ මාධ්‍ය ඔස්සේ චෙන්නායි හි පදිංචි වෙනත් කාන්තාවක සමඟ මිතුරු වී තිබෙනවා. පසුව ඇයව පෞද්ගලිකව මුණගැසීම සඳහා යාන්සි චෙන්නායි වෙත ගොස් ඇති අතර, එදින රාත්‍රියේ ඔවුන් දෙදෙනා කොයිම්බේඩු හි පිහිටි ප්‍රසිද්ධ රාත්‍රී සමාජ ශාලාවකට විනෝද වීම සඳහා ගොස් තිබෙනවා.
එහිදී මෙම තරුණියන් දෙදෙනා සහ සමාජ ශාලාවේ සිටි වෙනත් පිරිසක් අතර බහින්බස් වීමක් හටගෙන ඇති අතර එය පසුව ලොකු ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබෙනවා. තත්ත්වය පාලනය කිරීමට නොහැකි වූ තැන, රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂක නිලධාරීන් විසින් දෙපාර්ශවයටම වහාම ඉන් පිටතට යන ලෙස දැනුම් දී සමාජ ශාලාවෙන් එළියට ඇද දමා තිබෙනවා.
නමුත් තරහ පිරිමසා ගැනීමට මාන බලමින් සිටි අනෙක් පාර්ශවය, තරුණියන් දෙදෙනා සමාජ ශාලාවෙන් පිටවී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔවුන් පසුපස මෝටර් රථයකින් ලුහුබැඳ තිබෙනවා. පසුව ඉතාමත් අමානුෂික අන්දමින් ඔවුන් ගමන් කළ යතුරුපැදියේ මෝටර් රථය හිතාමතාම ගැටීමට සලස්වා අනතුරක් සිදුකර පලාගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ දරුණු අනතුරෙන් 18 හැවිරිදි ලාංකික තරුණිය ජීවිතක්ෂයට පත්ව ඇති අතර යතුරුපැදියේ ගමන් කළ අනෙක් තරුණිය බරපතළ තුවාල ලබා මේ වනවිට රෝහල්ගතව මරණයත් සමඟ සටන් කරමින් සිටිනවා.
මේ වනවිට ඉන්දීය පොලීසිය විසින් සිදුකළ ක්ෂණික මෙහෙයුමකින් ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂම දේ තමයි, අනතුර සිදුකිරීමට පැමිණි මෝටර් රථයේ ඉන්දියාවේ ප්‍රමුඛ දේශපාලන පක්ෂයක ධජයක් පවා සවිකර තිබූ බව විමර්ශනවලදී හෙළි වී තිබීමයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය දැඩි විමර්ශන සිදුකරන අතර, ගැටුම හටගත් අදාළ රාත්‍රී සමාජ ශාලාවට මේ වනවිට පොලිස් මුද්‍රා තබා වසා දමා තිබෙනවා.
දුරදිග නොබලා ගන්නා තීරණ සහ සමාජ මාධ්‍ය මිත්‍රත්වයන් අවසන් වෙන්නේ මෙවැනි මහා විනාශයන්ගෙන් බවට මෙය තවත් එක කටුක උදාහරණයක් පමණි!