පෙරේදා රාත්‍රියේදී එවැනිම රියදුරු තරුණයෙකුට මුහුණ දීමට සිදු වූ අතිශය කණගාටුදායක සහ තිගැස්සෙන සුළු සිදුවීමක දෘශ්‍යපටයක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා ලැව්ගින්නක් සේ පැතිර යමින් පවතිනවා.
පෙරේදා රාත්‍රියේ හයර් එකක් ලෙස පැමිණි මංකොල්ලකරුවන් පිරිසක් විසින් මෙම තරුණ රියදුරාව අල්ලාගෙන, ඔහු සන්තකයේ තිබූ සියලුම මුදල් පැහැරගෙන තිබෙනවා. එතැනින් නොනැවතුණු මේ නරුමයන්, තරුණයාගේ බැංකු ගිණුමේ තිබූ මුදල් පවා ඔහුව බලහත්කාරයෙන් බැංකුවක් වෙත රැගෙන ගොස් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
වාසනාවකට මෙන් මෙම මුළු සිදුවීමම මෝටර් රථයේ තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබීම නිසා මේ සාහසික ක්‍රියාව ලෝකයටම නිරාවරණය වුණා.
මීට පෙරත් මෙවැනිම ආකාරයෙන් රියදුරන් කිහිපදෙනෙකුටම මංකොල්ලකෑම් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වන අතර, අවාසනාවකට පොලීසිය පාර්ශවයෙන්ද මේ වන තෙක් කිසිදු සාධාරණ පියවරක් ගෙන නොමැති බව පැවසෙනවා.