මේ වැටලීමේදී එතැන සිටි කාන්තාවන් 12 දෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියන විදිහට මේ වැටලීම කරලා තියෙන්නේ ඊයේ (09) රෑ කාලයේදීයි. අලුත්ගම නගර මධ්‍යයේම පිහිටලා තියෙන මේ ස්ථාන දෙක කොටු කරගන්න පොලිසිය උපායදූතයන්, ඒ කියන්නේ ඔත්තුකරුවන් යොදවලා විශේෂ මෙහෙයුමක් කරලා තියෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත්තු කාන්තාවන් අවුරුදු 23 ත් 43 ත් අතර වයස්වල පසුවන අයයි. මොවුන් ලංකාවේ විවිධ පළාත්වලින් මේ ස්ථානවලට ඇවිත් සේවය කරපු අය බව හෙළි වෙලා තියෙනවා. ඒ අය පදිංචි ප්‍රදේශ මෙන්න.
තල්ගස්වල, මත්තක, ඇල්පිටිය, කිරිඇල්ල, නාවන්තුඩුව, උඩකරවිට, වාද්දුව, මොරටුව, බදුල්ල, මාස්පොත, නුවරඑළිය සහ බිබිල
මේ ජාවාරම මෙහෙයවපු සහ ඒකට උදව් කරපු වයස අවුරුදු 57ක පුද්ගලයෙක්වත් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අලුත්ගම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
දැනට අත්අඩංගුවට ගත්තු සැකකරු සහ සැකකාරියන් ඉස්සරහට නීතිමය කටයුතු කරන්න අලුත්ගම පොලිස් ස්ථානයට භාර දීලා තියෙනවා. අලුත්ගම පොලිසිය මේ සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ කරගෙන යනවා.