කොටස් වෙළඳපොළේ ප්‍රධානම මැනුම් දණ්ඩ වෙන සියලු කොටස් මිල දර්ශකය අද දිනය අවසානයේදී දරුණු ලෙස පහළ බැසීමක් පෙන්නුම් කරලා තියෙනවා.
සල්ලි බාගේ ගැවසෙන කොටස් වෙළඳපොළේ අද සිද්ධ වුණු දේ මෙන්න.
අද දවසේ ගනුදෙනු අවසාන වෙද්දී හැමෝම මවිතයට පත් කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 250.79කින් සිරස් අතටම පහළ බැස්සා. ඒ අනුව අද දිනය නිමා වෙද්දී දර්ශකය සටහන් වුණේ 21,760.31ක් විදිහටයි. මේ හදිසි කඩා වැටීමත් එක්ක ආයෝජකයෝ වගේම වෙළඳපොළ විශ්ලේෂකයෝ පවා සලිත වෙලා තියෙනවා.
අද දවස ඇතුළත වාර්තා වුණු සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 2.7ක් වැනි ඉහළ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.