සමාජ මාධ්‍ය ඔස්සේ නිතරම වගේ කතාබහට ලක්වන ඔහු, පහුගිය දවසක තරුණ තරුණියන්ගේ ජීවිත වලට ඉතාමත් වැදගත් වන අපූරු සටහනක් තමන්ගේ මුහුණුපොතට එක් කරලා තිබුණා.
ජීවිතය ජයගන්න උත්සාහ කරන තරුණ පරපුරට, තමන්ගේ වටිනාකම රැකගෙන ඉදිරියටම යන්නේ කොහොමද කියන කාරණාව ගැන ඔහු මෙහිදී ඉතාමත් සංවේදී වගේම පරිනත අදහසක් ඉදිරිපත් කරලා තිබුණා.
අනුන්ගේ කතා වලින් වටිනාකම මනින්න එපා!
"පුතා, කිසිම දවසක අනුන්ගේ කතා වලින් ඔබේ වටිනාකම මනින්න උත්සාහ කරන්න එපා. මොකද ඔබ විශ්වාස කරන්න ඕන ඔබේ හැකියාවන් සම්බන්ධයෙන් පමණක් වන නිසා..."
ඩඩ්ලි සිරිසේන මහතා තමන්ගේ සටහන ආරම්භ කරමින්ම පවසන්නේ අනුන් කියන පළියට තමන්ගේ වටිනාකම අඩු කර නොගෙන, තමන්ගේ හැකියාවන් කෙරෙහි පමණක් විශ්වාසය තබා කටයුතු කරන ලෙසයි.
මිනිස්සු පරදින්නේ හැකියාව නැති නිසා නෙවෙයි, අහංකාරකම නිසා!බොහෝ දෙනෙකුට වැරදෙන තැනක් පෙන්වා දෙමින් ඔහු පවසන්නේ, ජීවිතේ පරාජය වුණු ගොඩක් දෙනෙක් පරාජය වෙන්නේ ඔවුන්ට දක්ෂතාවයක් (Talent) නැති නිසා නෙවෙයි, ඔවුන්ගේ තියෙන අහංකාරකම වැඩි වුණු නිසා බවයි.
"'මම හැමදෙයක්ම දන්නවා' කියන mindset එක නිරන්තරයෙන්ම ඔබට අලුත් දේවල් ඉගෙනගන්න තියන දොරවල් වහනවා කියන එක ඔලුවෙ තියාගෙන හැමෝගෙන්ම පොඩි හරි දෙයක් ඉගෙනගන්න බලන්න..."
යටහත් පහත්කම සහ නිරන්තරයෙන් අලුත් දේ ඉගෙන ගැනීමට ඇති සූදානම ජීවිතයක සාර්ථකත්වයට කෙතරම් බලපානවාද යන්න ඔහු මෙහිදී තාරුණ්‍යයට ආදරයෙන් මතක් කර දී තිබෙනවා.
සැමටම හදවතින්ම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් ඩඩ්ලි සිරිසේන මහතා තැබූ මේ සටහන මේ වන විටත් මුහුණුපොත තුළ බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්වෙමින්, ඉතා වේගයෙන් සංසරණය වෙමින් පවතිනවා.