හිරු ටීවී නාලිකාවේ අලුතින්ම විකාශනය ආරම්භ වුණු, මේ වෙනකොටත් ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන "ඇත්තටම මන් ඔයාට ආදරෙයි" ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය හරහා තමයි ඔහු මේ විදිහට රසික හදවත් වැළඳගෙන ඉන්නේ.
කෙටි කලකින් ලංකාවේ තරුණියන්ගේ සිහිනයක් බවට පත්වුණු සාරත, පසුගිය දවසක ඔහුගේ මුහුණු පොතට අලුත්ම ඡායාරූප පෙළක් එකතු කරලා තිබුණා. ඉතාමත් කඩවසම් සහ ආකර්ෂණීය පෙනුමකින් යුත් සාරත තමන්ගේ ආදරණීය සුරතලා සමඟ ගත් මේ ඡායාරූප පෙළ මේ වෙනකොට මුළු සමාජ මාධ්‍ය ජාලාවන්ම හුවමාරු වෙමිනුයි තියෙන්නේ..
ක්ෂේත්‍රයට පැමිණි ඉතාමත් කෙටි කාලයකින් තමන්ගේ අපූර්ව රංගන විලාසය වගේම, පිරිපුන් පෙනුම නිසාම කැපී පෙනෙන තරුවක් වීමට සාරතට හැකි වුණා. බලන්නකෝ ඔහුගේ ඒ කඩවසම් ඡායාරූප එකතුව...