වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතන කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආගමික හා සංස්කෘතික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව බන්ධනාගාර මූලස්ථානය පවසනවා.
බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ඒ.සී. ගජනායක සඳහන් කළේ, රැඳවියන්ගේ ආධ්‍යාත්මික සුවය සහ සංහිඳියාව අරමුණු කරගනිමින් බන්ධනාගාර ආයතන තුළ බැති ගී ප්‍රසංග, වෙසක් සැරසිලි, විශේෂ ආගමික වත්පිළිවෙත් සහ දන්සල් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි.
මෙවර වෙසක් උත්සවයේ සුවිශේෂී අංගයක් ලෙස බන්ධනාගාර නිලධාරීන්ගේ සහ බන්ධනාගාර ගත රැඳවියන්ගේ සාමූහික දායකත්වයෙන් මනරම් වෙසක් කූඩු ප්‍රදර්ශනයක් නිර්මාණය කර ඇති බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.
මෙම වෙසක් කූඩු ප්‍රදර්ශනය මැයි මස 30 සහ 31 යන දෙදින පුරා රාත්‍රී කාලයේදී බන්ධනාගාර මූලස්ථානය ඉදිරිපිටදී මහජනතාව සඳහා ප්‍රදර්ශනය කිරීමට නියමිත බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
බන්ධනාගාර වෙසක් කලාපයට සමගාමීව විශේෂ දන්සල් දෙකක් ද සංවිධානය කර ඇති අතර, බන්ධනාගාර මූලස්ථානය මගින් සංවිධානය කරනු ලබන බෙලිමල් දන්සල මැයි මස 30 වන දින පස්වරු 07.00 ට බන්ධනාගාර මූලස්ථානය ඉදිරිපිටදී පැවැත්වවෙන බවයි බන්ධනාගාරය සඳහන් කළේ.
වැලිකඩ බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය සහ හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා ඒකකයේ (ETRF) සහයෝගය ඇතිව නව මැගසින් බන්ධනාගාරය මගින් සංවිධානය කරනු ලබන මඤ්ඤොක්කා දන්සල මැයි මස 31 වන දින පස්වරු 07.00 ට නව මැගසින් බන්ධනාගාරය අසලදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ද බන්ධනාගාරය පවසනවා.