හැම අවුරුද්දකම වගේ මෙවරත් සිරිපා වන්දනා සමය අනිද්දා, ඒ කියන්නේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් (31 වැනිදා) නිල වශයෙන් අවසන් වෙනවා කියලා තමයි ආරංචිය.
වෙසක් පෝය දවසේ වන්දනාමාන කටයුතු ඉවර වුණාට පස්සේ, ඊළඟ දවසේ උදේම ශ්‍රීපාද උඩමළුවේ තැන්පත් කරලා තිබුණු සධාතුක කරඬුවට සහ සුමන සමන් දෙවි හාමුදුරුවන්ගේ රන් පිළිමයට විශේෂ පුදපූජා පවත්වලා තමයි මෙවර වන්දනා සමයේ නිල නිමාව සනිටුහන් කරන්නේ.
පූජාවන් ඉවර වුණාට පස්සේ සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව ශ්‍රීපාදස්ථානයේ සිට ඉතාමත් උත්කර්ෂවත් පෙරහරකින් නැවත වැඩම කරවන්න සියලු කටයුතු ලෑස්ති කරලයි තියෙන්නේ.
මේ විශේෂ පෙරහර ගමන් කරන්නේ නල්ලතන්නිය ශ්‍රීපාද ධර්ම මධ්‍යස්ථානයේ සිට ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරය දක්වායි.
ඉතින් මේ පාරත් කරුණාව කරන්න බැරි වුණු අය ඉන්නවා නම්, ලබන අවුරුද්දේ වාරය පටන් ගන්නකම් "සමන් දෙවි පිහිටයි" කියලා බලාගෙන ඉන්න තමයි වෙන්නේ!