හැබැයි මෙන්න මේ පාර දන්සල් දෙන අයට වගේම දන්සල් වඳින්න යන නංගිලා මල්ලිලාටත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉතාමත් තීරණාත්මක අනතුරු ඇඟවීමක් කරලා තිබෙනවා.
ඒ තමයි, මේ දිනවල රටේ ප්‍රදේශ කිහිපයක පැතිර යමින් පවතින "මොළේ උණ" හෙවත් මෙනින්ජයිටිස් (Meningitis) රෝගය දන්සල් හරහා ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබීමයි!මේ භයානක තත්ත්වය ගැන අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටිනවා.
ඔහු පවසන්නේ මෙනින්ජයිටිස් රෝගය මේ වන විට ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති නිසා, දන්සල් සංවිධානය කිරීමේදී රජය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස් සහ චක්‍රලේඛ අකුරටම පිළිපැදිය යුතු බවයි.
මෙවර දන්සල් පැවැත්වීමට අවසර ලැබෙන්නේ නිකම්ම නෙවෙයි. ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාල මගින් බිම් මට්ටමින්ම සොයා බලා, සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සපුරා ඇති දන්සල්වලට පමණක් ඉදිරියේදී අවසර ලබාදීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
මොළේ උණ විතරක් නෙවෙයි, වෙනත් ඕනෑම බෝවන රෝගයක් අපවිත්‍ර ජලය සහ සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාර මගින් ඉතාමත් වේගයෙන් පැතිර යන්න පුළුවන්. ඒ නිසා දන්සල්වලදී පිරිසිදුකම ගැන වෙනදාට වඩා සිය ගුණයක් හිතන්න වෙනවා.
මේ ගැන හොයලා බලන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු (PHI) ඇතුළු ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් දිවා රෑ නොබලා දන්සල් පරීක්ෂා කිරීමට නියමිතයි.
ඉතින්, පින් සිද්ධ කරගන්න කියලා දන්සලක් දෙන්න කලින් සෞඛ්‍ය නීති ගැන සැලකිලිමත් වෙන්න අමතක කරන්න එපා. දන්සල් කන්න යන ඔයාලත් පිරිසිදුකම ගැන පොඩ්ඩක් හිතන්න! මේ වැදගත් පණිවිඩය ඔයාගේ යාළුවෝ, පවුලේ අය අතරෙත් ෂෙයාර් කරලා හැමෝවම දැනුවත් කරන්න.