මැයි මාසයට අදාලව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් සිදු නොකරන බව, ලිට්‍රෝ සමාගම පවසනවා.
ඒ අනුව 12.5kg ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,765.00ක මිල යටතේත්, 5kg ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,910.00ක් මිල යටතේත්
2.3kgක ගෑස් සිලින්ඩරයක් රුපියල් 890.00ක මිල යටතේත් තවදුරටත් පවතින බවයි එම සමාගම පවසන්නේ.