ඉන්ධන පිරවුම්හලට පැමිණි ටිපර් රථයකට තෙල් ගැසීමෙන් අනතුරුව, ඊළඟ වාහනයට ඉඩ දී රථය ඉදිරියට ගන්නා ලෙස සේවකයෙකු කළ සාමාන්ය ඉල්ලීමක් මුල් කරගනිමින් මෙම පටලැවිල්ල ආරම්භ වී ඇති බවයි වාර්තා ආරංචි වන්නේ. එම අවස්ථාවේදී ඇතිවූ තදබල බහින්බස්වීමෙන් පසු අදාළ ටිපර් රථ රියදුරා එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.
නමුත් පසුව තවත් පුද්ගලයින් පස්දෙනෙකු ද සමඟ නැවත පිරවුම්හල වෙත කඩාවැදී ඇති අදාළ රියදුරා ඇතුළු පිරිස එහි සිටි අයට මෙලෙස හිංසනික ලෙස ප්රහාර එල්ල කරලා තියෙනවා.
මෙම පහරදීමෙන් ඉන්ධන පිරවුම්හලේ හිමිකරු, කළමනාකරු, සේවකයෙකු සහ එම අවස්ථාවේ ඉන්ධන ලබාගැනීමට පැමිණි අහිංසක පාරිභෝගිකයෙකු ද තුවාල ලබා රෝහල් ගතකර ඇති බව සඳහන්.
ප්රහාරය එල්ල කිරීමෙන් අනතුරුව සැකකරුවන් පලාගොස් ඇති අතර, සිදුවීමට අදාළ CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණ පවත්වමින් කිලිනොච්චිය පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.