ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ හදිසි මරණය ගැන මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා දැන් කොටුව මහේස්ත්‍රාත්වරයා පිටව ගියා.
එබැවින් නඩු කටයුතු පැයකට කල් තබනු ලැබුවා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරි කපිල චන්ද්‍රසේනගේ හදිසි මරණය සැක සහිත බැවින් ඒ සඳහා අධිකරණ වෛද්‍යවරයා විසින් මරණ පරීක්‍ෂණයක් සිදු කිරීමට අවශ්‍ය බවත්, මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය බවත්, කොල්ලුපිටිය පොලිසිය විසින් අද (08) දින කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කරුණු දැක්වූවා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ කොල්ලුපිටියේ පිහිටි නිවසේදී ඔහු සියදිවි නසාගෙන සිටි සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විසින් කරුණු දැක්වූවා.
මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණ සඳහා දැන් කොටුව මහේස්ත්‍රාත්වරයා පිටව යන බැවින් නඩු කටයුත්ත පැයකට කල් තබනු ලැබුවා.
තවද, පොලිසිය විසින් අධිකරණයේදී කියා සිටියේ මරණයෙන් සිදු වූ ස්ථානයට අධිකරණ මරණ පරීක්‍ෂකවරයා සහ සොකෝවරුන් ගොස් ඇති බවයි.