සගයන් ගැන කේලාම් කීම සහ මගීන් ඉදිරියේ අසභ්‍ය වචන භාවිතය ඇයට සාමාන්‍ය දෙයක් බවට පත්වුණේ කොහොමද..?
තම සගයන් පිළිබඳව කේලාම් කීම සහ ගුවන් මගීන් ඉදිරියේ අසභ්‍ය වචන භාවිත කිරීම ඇතුළු චෝදනා රැසක් හේතුවෙන් මෙල්බර්න් නුවර පදිංචි ගුවන් සේවිකාවකගේ රැකියාව අහිමිවීමේ අවදානමකට මේ වෙනකොට ඇය මුහුණදී තිබෙන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
වර්ජින් ඕස්ට්‍රේලියා (Virgin Australia) ගුවන් සේවයේ කැබින් මැනේජර්වරියක ලෙස සේවය කරන ඇලිසා සූසා-කොනල් (Alissa Souza-Connell) හට මෙම චෝදනා එල්ල වී තිබුණා.
අවසරයකින් තොරව සගයන්ගේ පුද්ගලික තොරතුරු ලබා ගැනීම, සේවක මණ්ඩලයේ සගයන් පිළිබඳව නින්දිත අයුරින් අදහස් දැක්වීම, සාකච්ඡාවක් රහසිගතව පටිගත කිරීම සහ මගීන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය ඉදිරියේ අසභ්‍ය සහ අපහාසාත්මක වචන භාවිත කිරීම යන කාරණා මෙලෙස ඇයට එල්ල වුණු චෝදනා අතර වුණා.