සුළු බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිදු වූ මෙම මාරක පහරදීම නිසා මුළු ප්‍රදේශයම මේ වන විට දැඩි කම්පනයකට පත්ව ඇති බවයි පැවසෙන්නේ.
පොලිස් විමර්ශනවලට අනුව, ඊයේ (03) රාත්‍රියේ මියගිය පුද්ගලයා සහ ඔහුගේ මිතුරෙකු එක්ව මත්පැන් පානය කරමින් සිට තිබෙනවා.
සාදය අතරතුර දෙදෙනා අතර ඇති වූ හදිසි බහින්බස් වීමක් පාලනය කර ගැනීමට නොහැකි වීමෙන්, එක් මිතුරෙකු අත තිබූ මත්පැන් බෝතලයකින් අනෙක් මිතුරාට දරුණු ලෙස පහර දී ඇති බව වාර්තා වනවා.
පහරදීමෙන් බරපතල තුවාල ලැබූ 36 හැවිරිදි තරුණයා වහාම යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අවාසනාවන්ත ලෙස මෙලොව හැර ගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලැබුණු වහාම ක්‍රියාත්මක වූ යාපනය පොලිසියේ නිලධාරීන්, ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන 42 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අද (04) යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පවසන්නේ.
යාපනය පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන බව වාර්තා වනවා.